(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  රැඳවුම් නියෝග මත රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පැන්නිමේ අසාර්ථක මෙහෙයුමේ දී කොස්තාපල්වරයා පරිහරණය කළ ජංගම දුරකථනය සහ මෝටර් රථය පැදවූ සැකකාර රියැදුරු පරිහරණය කළ ජංගම දුරකථනය  කඩවත  ශ්‍රමදාන මාවතේ හෝටලයක් ඉදිරිපිට කසළ ගොඩක පුළුස්සා තිබියදී අද (29) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 

ඉකුත් 10 වැනිදින  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පලා ගිය කොස්තාපල්වරයා තේ පානයට පෙර සැත්කම්වලදී රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා සහ මානසික රෝගීන් සඳහා භාවිතා කරන  ඖෂධ වර්ග කලවම් කර සාදන ලද කිරිටොපි ලබාදී  මත්කර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ මෙහෙයුම සඳහා  ආධාර අනුබල දීමට සෘජුවම සම්බන්ධවී එය  අසාර්ථක වීමෙන් අනතුරුව  ඔහු පළාගොස් අදට දින 20ක් බව පොලිසිය පවසයි. 

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒකක 1 එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  එස් පි ඩි ජි නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක්   හරක් කටා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ඒමෙන් අනතුරුව  ඔහුව රැගෙන යාම සඳහා ඉකුත් 10 වැනිදින  මෝටර් රථයේ    රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ සහායකයා වැලිගම මුහුදු පාරෙදි  අත්අඩංගුවට ගනු ලැබීය

එම ජංගම දුරකථන දෙක  සොයාගන්නා අවස්ථාවේ  ඉතා කුඩා කොටසක් පමණක් පිළිස්සී තිබූ බැවින් විමර්ශන සඳහා යොදාගෙන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර කරගැනීමට කර ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය