(නිමල් ජයරත්න)
හරකකු හොරකම් කරන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හරක් හොරුන්ට එරෙහිව දැඩි නීති ඒ මගින් ක්‍රියාත්මක කරන බව ද අමරවීර මහතා සඳහන් කළේය.
ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන හරක් හොරුන් වෙනුවෙන් ඉහළම දඩුවම් දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමරවීර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නීති හැදුවාම ඉදිරියට පොලිසියට නිකරුනේ මිනිස්සු හිරේ දමන්න හෙරෝයින් බෝම්බ අවශ්‍ය වෙන්නේ නැහැ.. අවශ්‍ය වෙන්නේ පාරේ අයාලේ යන හරකෙක් පමණි. මේ ගොල්ලන්ට ඉදිරි ඡන්දවලදී ඡන්දෙ දෙන්නේ බත්කන හරක් නිසා, මෙහෙම මෝඩ නීති හදනවා වෙන්න පුළුවන් වෙන වැඩ නැද්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී වැඩ කරන්නේ හරියට අයාලේ යන හරක් වගේ... රටේ කෘෂිකර්මාන්තේ වල පල්ලට ගිහින්, හරකෙක්ගේ ප්‍රතිමාවක් හදාගෙන එකට වඳින්න...
දියවන්නාවේ ඉන්න අයව හොරකම් කරන්න හෝ දක්කාගෙන යන්න එන හොරුන්ට විශේෂ දිරි දීමනාවක් දෙන්න කටයුතු කරන්න.
කාලයක සිට ජෙප්පන් තමයි මේවා කරන්නේ...!
එතකොට බැංකු හොරු... කොමිස් පප්පලා...
රට හොරාකාපු හොරුන්ට, මහ බැංකු හොරුන්ට කිසිම දඬුවමක් තියා නඩුවත් නැහැ.
තණමල්විල පැත්තෙන් දියවන්නාව පැත්තට ආපු හරක් හොරෙකුත් ඉන්නවා කියලා ඒ දවස්වල එම ප්‍රදේශයම වැඩවාසය කරන නායක ස්වාමීන්වහන්සේ නමක් ප්‍රසිද්ධියේ කියලා තිබුණා...
ඉස්සෙල්ලාම මග්ස් හොරකම්වලට දඬුවම් කරන්න ඕනේ.
බොහොම හොඳ වැඩක්...
පරිස්සමින් පාර්ලිමේන්තුවේ ඝන පූරණය නැතිවේවි...
ජනතාවගේ මුදල් මකොල්ල කාපු අයව මල්මාලා දාල පිලි අරගෙන හරක් හොරුන්ව විතරක් හිරේට යවමු!!! මහා හොරු රැල පොඩි හොරුන්ට දඬුවම් දෙන්න නීති සම්පාදනය කරනවා...
ආ... ඒකට කමක් නැහැ.. අපි මහ බැංකුව කඩමු... ඒවට දඬුවම් නෑ නේ...
හරිෂෝක් නේද? හරක් හොරු අල්ලන්න මතක් වුණේ මිනිස් හොරු අල්ලලා අවසන් නිසා වෙන්න ඇති...
හරක් හොරකම කියන්නේ මහ බැංකු හොරකමට එහා ගිය හොරකමක්. ඒ නිසා දඬුවම් දෙනු...
රටම හොරාකාලා කාබාසිනියා කරපු කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට කිසිම අවුලක් නැහැ. කියන්නේ නම් නීතිය කාටත් පොදුයි.. එක රටක එක නීතියක් කියලා...
වාසියට කාලෙන් කාලෙට හරක් පට්ටිවලට පනින හැටි...
මහින්දලා ඔක්කොම හොරුයි... කපටියෝයි... මෙයා වුණත් රනිල්ට ඕන විදිහට කරන්න මිසක් මහ ජනයාට පහසු විදිහට තීරණ නොගනී.
කෘෂිකර්මය පැත්තක තියලා මෙයා හරකුන්ට නීති හදනවා. ඔය කැඩිලා තියෙන වැව්, ඇල මාර්ග හදලා දුන්නා නම් මොකෝ වෙන්නේ...? කැඩිලා වගාකරගන්න බැරි වැව් ඇල මාර්ග කීයක් තියෙනවාද?
කෘෂිකර්මාන්තය කාපු අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නෑ.