(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය
වැඩ තහනම් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් කොස්තාපල් 97386 ජි ජි එම් එල් සඳරුවන් නැමති කොස්තාපල්වරයාගේය
2023 සැප්තැම්බර් 10 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරු පොලිස් කොස්තාපල් 97402 සන්ධිප නිලධාරියාගේ සහයෝගයෙන් එම දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් හට රසායනික ද්‍රවයක් ශරීර ගත ගත කර ආරක්ෂාවට සිටි එස් ටි එෆ් සෙබලාගේ ගිණිය අවිය උදුරාගෙන පලායාමට උත්සාහ කර තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd