
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට පලා යාමේ අසාර්ථක උත්සහායට උදව් උපකාර කර අනතුරුව පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් කාන්තාව හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයිද දැනගන්නට ඇත.
ඊට අමතරව හරක් කටා නැමැත්තාට සෘජුවම උදව් උපකාර කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇතැයිද මේ වනවිට අනාවරණය වී ඇති අතර දානමය පිංකමට සහභාගි වී ඇත්තේ හරක් කටා ලබාදුන් බෙන්ස් රථයකින් බවට මේ වනවිට අනාවරණය වී ඇත.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනාට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද හරක් කටාගේ පලායාමේ කුමන්ත්‍රණයේ තිරය පිටුපස කොටස්කරුවන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොස්තාපල්වරයා විදේශ රටකට පලා ගොස් ඇති බවට හැඟවීම සඳහා නොයෙක් ක්‍රම මඟින් උත්සාහ ගත්ත ද ඔහු එලෙස පලා ගොස් නැති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටාට උදව් කළ පී.සී.ගේ මව මස්සිනා අත්අඩංගුවට
CK.Lankaputhra Sunday, 17 September 2023 06:23 PM
මගේ අදහස නම් මේ රටේ මහා පරිමාණයේ සෑම අපරාධයක්, සොරකමක්, වංචාවක් පිටුපසම දේශපාලුවන් ඉන්නවා...
Piyal weerasingheMonday, 18 September 2023 07:53 AM
මේ පාතාලය සමග දම්වැල් පුරුක සේ දේශපාලුවන් බැඳී සිටිනවා. අනික කොහොමද අපි පොලිසිය ගැන බලාපොරොත්තු තියාගන්නේ...?
පැරකුම් Sunday, 17 September 2023 08:39 PM
දේශපාලුවෙක් පිටුපස සිටින බැවින් හරක්කටා නිදොස්කොට නිදහස්…!
ජී.එම්. බන්දුසේන Monday, 18 September 2023 07:46 AM
ඛල්ලට ගිය නීතිය. අහිංසකයෝ මොනවාටද අනුන්ගේ වරදකට දඬුවම් විඳින්නේ...
Bunny Preena Monday, 18 September 2023 09:36 AM
ඇනෙකුත් සෙකකාර පොලිසියෙ ඉහල නිලදාරින් සහ ඩෙශපාලුවන් ඉක්මනින් අත් අඩන්ගුවට ගනු ඇතැයි අප සැමෙග් විශ්වාසයයි.
NathalieWednesday, 20 September 2023 02:13 PM
බලන් ඉන්න පව් අප්පා ඔයා...!
රටවැසියා Monday, 18 September 2023 12:42 PM
රටේ සැම සංවිධානාත්මක අපරාධයක පිටු පස සිටින්නේ දේශපාලුවෙකි. මේ දේශපාලුවන්ගෙන් රට කවදා නම් නිදහස් කර ගත හැකි වෙයිද?