IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක්

කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් දෙපාර්තමේන්තුවල සේවය කරන ඇතැම් නිලධාරින්ට හරක් කටාගෙන් මුදල් සහ වෙනත් ආකාරවලින් විශාල තෑගි ප්‍රමාණයක් ලැබී ඇති බව මීට පෙර වාර්තා විය.

මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට මීට පෙර ස්ථාන මාරුවක් ලබාදී තිබූ අතර මෙම චෝදනාවල‍ට ලක්වූ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව‍ට ද වාර්තා විය. එමෙන්ම හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු  ලැබ සිටිති.

 පසුගිය වසරේ මාර්තු 15 වැනිදා හරක් කටා යළි දිවයිනට ගෙන්වාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගනු ලැබීය. 

‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී පැන යාමට උත්සාහ කළ නමුත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ විය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර එයින් හරක් කටාගේ පලායාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ සහය ලැබී ඇති බව අනාවරණය විය. 

වි‍‍ශේෂ වාර්තාකරුවකු විසිනි



අදහස් (1)

හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක්

චන්දන Tuesday, 19 March 2024 07:20 PM

100%ක් ෂුවර්... මේ පරීක්ෂණ මග හිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site