
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමාට ජීවිත ආරක්ෂාව සපයන ලෙසට රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා ඇති පාතාල නායකයෙක් යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවෝ වශයෙන් පොලිස්පතිවරයා, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් මැඩගස්කරයේදී අත් අඩංගුවට ගැනීමෙන් පසු රහස් පොලිසියේ රැඳවුම් බාරයේ රඳවා ඇති බවත් තමන් කොයි මොහොතක හෝ මරා දැමීමට ඉඩක් ඇති බැවින් තම ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයට ඔච්චර බයද. උඹලා විකුනපු කුඩු බීල කීදෙනෙක් දැන් විනාශ වෙලාද. මැරෙන්න නෙමෙයි බයවෙන්න ඕනේ උඹලා මැරිලා යනතැන ගාන හිතලා බයවෙයල්ලා. එහෙදී බෑ පෙත්සම් දාන්න. මරණයට ඔච්චර බයයි නම් තිබුනනේ තමන්ට පුළුවන් විදියට සාධාරණ විදියට ජීවත් වෙන්න කාලකන්නි වැඩ නොකර .... කරන කලට පව් මීරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.