(ඉන්දිකා රාමනායක)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා සම්බන්යෙන් හා ඔහු බැලීමට පැමිණෙන අමුත්තන් සම්බන්ධනේ සොයා බැලීමේ නිරතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශයේ නිලධාරීන් 8 දෙනකු සිද්ධිය වීමට පෙර ඉවත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
හරක් කටා විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයකු ගේ ගිනි අවිය උදුරාගෙන පලා යාමට උත්සහ කිරීමේ සිද්ධියට සති දෙකකට පෙර මෙම පිරිස ඉවත් කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ බුද්ධි නිලධාරීන් වැඩි පිරිසක් සිටින හෙයින් එම පිරිසට මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම බුද්ධි නිලධාරීන් විශේෂයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනවල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පිටත රැදී සිටිමින් පුද්ලයන් සම්බන්ධයෙන් තොරතුරු සොය බැලීම් සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස ඉවත් නොකර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවට නියමිත පරිදි රාජකාරියේ යොදවා සිටියේ නම් හරක් කටා පලා යාමට උත්සහ කළ දින සැකකාර කොස්තාපල්වරයාට පලා ඉඩ නොලැබෙන බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටාගේ සිද්ධියට පෙර සී අයි ඩි යේ බුද්ධි නිලධාරින් 8ක් ඉවත් කරලා
කිරිපුතා Monday, 18 September 2023 12:57 PM
ගවමුඛ ට පාර්ලිමේන්තුවේ මෙන්ම රජයේ උසස් තැන වලත් සම්බන්ධතා හොඳින් තියෙන වග පැහැදිලියි .
ravin Monday, 18 September 2023 03:10 PM
ඔය අංශයේ තියෙන සී.සී.ටී.වී පද්ධතිය නැවත ක්‍රියාකාරී කෙරුවා නම් ප්‍රශ්න ගොඩකට විසඳුම් තියෙනවා නේද?
pj Tuesday, 19 September 2023 02:29 AM
ප්‍රශ්න ගොඩකට විසඳුම් කෙසේ වෙතත් නැති ප්‍රශ්ණත් ඇති වේවි. කැමරා හදන්නෙ නැත්තෙ තමන් රාජකාරි කරන අන්දම ලෝකයා දැන ගන්න ඇති ඉඩකඩ නිසා ද ?