(ඉන්දිකා රාමනායක)
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම , මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක් සහ හරක් කටාට සහ කුලු කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිය දී අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම සම්බන්දධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 2023.මාර්තු,15 වැනි දා මොවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු බාරයේ තිබි ඇති බවත්, සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව, එම ජංගම දුරකථන සහ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත භාරදී තිබී ඇතිි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මෙම ජංගම දුරකථන දෙක සහ විදේශ ගමන් බලපත්‍ර දෙක අස්ථානගත වූයේ කුමන දිනයකද යන්න හෙළිවී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම දුරකථෙවල සංවේදී දර්ශන,විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජංගම දුරකථන අංක, ආදී වැදගත් තොරතුරු රැසක්ම තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු සල්ලිවලට සී.අ.යි.ඩී ගරුත්වය පාවා දෙන්න එපා...!!!
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හොරු අල්ලන්න දෙන්නේ කාටද?
ගණිතය, කෘත්‍රිම බුද්ධිය හදාරන අය දන්නවා එන්ත්‍රොපි (රසායන විද්‍යාවේ එක නෙමෙයි) කියලා හඳුන්වන තොරතුරක තිබෙන අවධානය මනින මිම්මක්. යම් තොරතුරක් දුර්ලභ වෙන තරමට ඒක දැනගන්න මිනිසුන්ගේ ස්වභාවික හුරුවක් තිබෙනවා. දැන් මේ වගේ ප්‍රවෘත්තිත් ඒ වගේ. ඒ වගේම ඒ වගේ යම් දෙයක් නිතර අහන්න ලැබුණාම ඒ දේවල් වලට මිනිසුන් අනුවර්තනය වෙනවා. සාමන්‍යකරණය වෙනවා. ඒ වගේම කොටසක් අපරාධවලට යොමු වෙන්නේ කැපී පෙනෙන්නට වීම නොරහසක්. ඒ නිසා, මේ වගේ අපරාධ තොරතුරු සමාජගත නොකර ඒ තොරතුරු ජනතාවගෙන් සඟවන්නේත් නැතිව සිදු කරන සදාචාරාත්මක මාධ්‍යයක් අවශ්‍යයි.
මේ නැතිවුණු භාණ්ඩ ජීවිතාන්තයේ ලැබෙන අවස්ථාව ඉතාමත් අඩුයි. ඒකට හේතුව දන්නෝ දනිති...
හරි අපූරුයි ..එතකොට අපිද දැන් හොරු අල්ලන්න ඕනේ?
මේවා අයිති අයට ලැබෙන්න ඇති.
මේ රටේ කිසිම කෙනෙකුට නීතිගරුක බව රැකගෙන ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නෑ.. අසීමිත මුදල් ලබාදීම එම නිලධාරීන්ට සහ පවුලේ සාමාජිකයින්ට තර්ජන වගේ දේවල් හැමතැනම... මේ ස්ථාන ගතවෙලා තිබෙන දේවල්වල කොතරම් සාක්ෂි සැඟවිලා ඇතිද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල කෙතරම් දූෂිත පරිසරයක් ඇතිද?
වැටත්, නියරත් ගොයම් කානම් කාට කියම්ද ඒ අමාරුව...?