IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හරක් කටාගේ අසාර්ථක මෙහෙයුමට උදව් කළ පී.සී.ගැන තොරතුරු රැසක් එළියට

(ඉන්දිකා රාමනායක)

නදුන් චින්තක හෙවත් හරක් කටා ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ අසාර්ථක උත්සහට  සහය දුන් කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක කුඹුරු ඉඩමක් හා තවත් දේපළ මිළදී ගෙන ඇති බවට විමර්ශන කරන පොලිස් නිලධාරීන්  හෙළි කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දේපළවලට අමතරව ඔහුට ඩුබායි රාජ්‍යයෙන් වටිනා ලැප්ටොප් සහ ජංගම දුකතන ලැබී ඇති බවත්, ඔහු ඒවා ඥාතීන් වෙත බෙදා දී ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හරක් කටාට පලායාමේ සැලසුම ඉන්දියාවේ සිටිනල හරක් කටාගේ සමීපතමයකු සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ බව අනාවරන්‍ය කර ගැනීම සදහා විමර්ශන සිදුකරන බවද එම ආරංචි මාර්ග පවසයි.

අතුරුදන් පොලිස් කොස්තාපල්වරයා අවස්ථා කිහිපයකදීම හරක් කටා හා මිදිගම චූටි දුරකථන ඔස්සේ අදාල කොස්තාපල්වරය විසින් සම්බන්ධ කරවා ඇතැයි සැකයක් ඇති බවද වාර්තා වේ.

 



අදහස් (3)

හරක් කටාගේ අසාර්ථක මෙහෙයුමට උදව් කළ පී.සී.ගැන තොරතුරු රැසක් එළියට

Rata Perata Friday, 15 September 2023 10:20 PM

මාර වියදම් නේද කරලා තියෙන්නේ. ලක්ෂ 50ක් මෙච්චර ලොකු ගාණක ඉඩමක් දේශපාලුවෙක් හරි, නිලධාරියෙක් හරි ගත්තා කියලා ඇහුවාමයි. අනිත් එක ලැප්ටොප් තෑගිත් හම්බවෙලා. රටේ කෝටි ගණන් හොරකම් වෙනවා. ඇමැතිලා කොමිස් ඉල්ලුවා කියනවා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.

:       5       9

Dayananda Friday, 15 September 2023 11:31 PM

බැඳුම්කර හොරා රටේ රජවෙනවා.. මුළු රටම හොරකන් කරලා රාජපක්ෂ පවුල සැපට ඉන්නවා.. මැති ඇමැතිවරු පට්ට සැපට හොරකම් කරලා වැජඹෙනවා.. නිලධාරින් පරම්පරා ගණනකට හම්බ කරනවා.. ඉතින් මේ කොල්ලාට හිතෙන්න ඇති බැහැලා යන වතුරෙන් මමත් දෝතක් ගන්නවා කියලා.. මොකෝ කියන්නේ හරිද වැරැදිද? මොවුන් ඔක්කෝම යාළුවෝ.. මල්ලි හරි මල්ලි ❤️

:       8       10

චාන්දනී Saturday, 16 September 2023 07:20 AM

මෙහෙම වෙලාවට කරන්න ඕනෑ දේවල් ලංකාවේ කරන්නෙ නැහැ. නැත්නම් ඔය දේපළ ඔක්කෝම රාජසන්තක කරන්නත් ඕන ඒවා නොකොළොත් රටේ සිදුවන හොර මැරකම් මත්ද්‍රව්‍ය ජාවාරමුන් මර්දනය කරන්න බැහැ. මෙහෙම අයට වචනයෙන් හරි උදව්වක් කරන සැමටත් උපරිමයෙන් දඬුවම් දියයුතුයි..

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site