(නිමන්ති රණසිංහ)
රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ”හරක් කටා” සහ සලිදු මල්ශික ගුණරත්න නොහොත් ”පානදුරේ කුඩු සලිදු” යන අය විමර්ශන සඳහා ඔවුන් රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ ආරක්ෂාව සහිතව දෑතට සහ පයට විලංගු දමා රැගෙන යන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව දැනට විමර්ශනය කරනු ලබන පොලිස් ඒකකය භාරව සිටින මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා භාරයේ එම සැකකරුවන් ආරක්ෂාව සහිතව විමර්ශන සදහා රැගෙන යන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සැකකරුවන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (29) අධිකරණයට ඉදිරිපත් කළේය.
තම සේවාදායකයින් දෙදෙනා ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරා දැමිය යුතුයි