IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


හරක් කටා- සලිදු නිකන් එළියට ගෙනියන්න ‌එපා

(නිමන්ති රණසිංහ)

රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ”හරක් කටා” සහ සලිදු මල්ශික ගුණරත්න නොහොත්  ”පානදුරේ කුඩු සලිදු” යන අය විමර්ශන සඳහා ඔවුන් රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ ආරක්ෂාව සහිතව දෑතට සහ පයට විලංගු දමා රැගෙන යන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කළේය.  

මෙම සිද්ධියට අදාළව දැනට විමර්ශනය කරනු ලබන පොලිස් ඒකකය භාරව සිටින මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා භාරයේ එම සැකකරුවන් ආරක්ෂාව සහිතව විමර්ශන සදහා රැගෙන යන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සැකකරුවන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (29) අධිකරණයට ඉදිරිපත් කළේය.

තම සේවාදායකයින් දෙදෙනා ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය  සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

 



අදහස් (1)

හරක් කටා- සලිදු නිකන් එළියට ගෙනියන්න ‌එපා

Bandulanishantha Wednesday, 29 March 2023 08:17 PM

මරා දැමිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 215 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 726 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1146 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site