
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කට සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයකු ඊයේ 22 වැල්ලම්පිටියහල් මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි .
අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ නමින් ලියාපදිංචි සිම්පතක් දැනට බන්ධනාගාර ගතව සිටින ඔහුගේ ඥාති සහෝදරයෙකුට ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් කටා එක්ක සම්බන්ධතා තියන එවුන් පොලිසියේ හා දේශපාලනයේ කී දෙනෙක් ඉන්නවද ?උන්ව අල්ලන්නේ නැද්ද ?