(නිමන්ති රණසිංහ)
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නාගෙන ගොස් නිත්‍යානුකූල නොවන මාර්ගයෙන් බෝට්ටු මඟින් ඉන්දියාවට පලායෑමට සැඟව සිටින කොස්තාපල්වරයා සහ ඔහුගේ මස්සිනා සැලසුම් කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සැඟව සිටින පොලිස් කොස්තාපල්වරයාට මෙම මෙහෙයුම සදහා ‘හරක් කටා’යන අය රුපියල් කෝටියකට අධික මුදලක් ලබා දී තිබූ බවත් එම මුදලින් රුපියල් ලක්ෂ 20ක මුදලක් කොස්තාපල්වරයා ඔහුගේ මස්සිනාට ලබාදුන් බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම උසස් නිලධාරීයා සඳහන් කළේය.
මාස ගණනාවක සිට මෙම මෙහෙයුම සඳහා නොයෙක් ආකාරයෙන් උපායන් යොදමින් සිට ඇති මෙම කොස්තාපල්වරයා සහ ඔහුගේ මස්සිනා සී අයි ඩී භාරයෙන් ‘හරක් කටා’ යන අය පන්නාගෙන ගොස් තිදෙනාම බෝට්ටු මගින් ඉන්දියාවට පලා යෑමටත් ඉන් පසුව එහි සිටිමින් වෙනත් රටකට යෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් තිබී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
මේ අතර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටින ‘හරක් කටා’ යන අය සී අයි ඩීයෙන් පන්නාගෙන යාමට සඳහා හරක්කටාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විස මුසු කිරි ටොෆි සහ කිරි තේ පානය කිරීමට දීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල් 97402 මුනිපාලගේ රවිදු සංදීප ගුණසේකර යන අය මේ වන විට අතුරුදන්ව ඇති බවත් ඔහුගේ ජංගම දුරකතනයට අදාළව කළ විමර්ශනයට අනුව ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩිමහලු සහෝදරිය විවාහ වී සිටින 23 හැවිරිදි මෙම සැකකරු සහ එම පොලිස් කොස්තාපල්වරයා හරක් කටා’ යන අය පොලිස් භාරයෙන් පන්නාගෙන යෑමට කලක සිට සැලසුම් කර ඇති බවට කරුණු හෙළිවී ඇති බව ද ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ හේතුවෙන් මෙම සැකකරු අපරාධය සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් සිටි බවත් ඔහු සියල්ල පිළිබදව කරුණු වසන් කළ බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ආරක්ෂක අමාත්‍යවරයගෙන් ලබා ගත් රැදවුම් නියෝග මත මෙම සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව දින 90ක කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රදවා තබාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අවසර ලබාදුන්නේ සේරුනුවර ත්‍රිකුණාමලය පදිංචි වන්නිආරච්චිගේ අමිල සංජීව නැමැත්තාය.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටා පනින්න හැදූ හැටි