
(හේමන්ත රණසූරිය)
වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කහටගොල්ලෑව ,කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි විපුල සේනගේ නිමේෂ් රූක්ෂාන් රත්සර නමැති 23 හැවිරිදි තරුණ විවාහකයෙකි.
අනතුර සිදුවූ අවස්ථාවේදී අසල්වාසීන් එක්ව තුවාලකරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පදවිය නගරයේ සිට කහටගොල්ලෑව තම නිවස කරා පැමිණෙමින් සිටියදී, වැලි වැව ප්‍රදේශයේදී පාර හරහා පනින ලද මී ගවයෙකුගේ යතුරුපැදිය ගැටී ඇති බවත්, මී ගවයා එම ස්ථානයේම මියගොස් සිටි බවත්, වාහල්කඩ පොලිසිය සඳහන් කරයි.
අනතුරෙන් මියගිය නිමේෂ් රුක්ෂාන් රත්සරගේ බිරිඳ ගැබිනියක්ව සිටින බවත්, අනතුරෙන් මියගිය මී ගව දෙන ද ගැබිනියක් බව වාහල්කඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පදවිය සහ කහටගොල්ලෑව අතර ප්‍රධාන මාර්ගයේ එල ගවයන් සහ මී ගවයන් රාත්‍රී කාලයේ දී නිරන්තරව අයාලේ සැරි සරන බවත්, එබැවින්, ඔවුන් අයිති ගව හිමියන් කඩිනමින් දැනුවත් කර, අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව වාහල්කඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ සම්පත් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අවාසනාවන්ත සිද්ධියක්, අයාලේ යන සතුන් රටේ බැරෑරුම් ප්‍රශ්නයක්, විශේෂයෙන්ම ගවයින් සහ බල්ලන්. මේ පරිසර ගැටළු පාලනයට ඉස්සර නීති ක්‍රියාත්මක වුණා, පළාත් පාලන අයතන වල තියෙන නිති-රිති ක්‍රියාත්මක වෙන්නේ නැහැ! තරුණයා මියේ ගියේ නැත්තම් මී හරකා මරපු වරදට ඔහුට වෝදනා එල්ල වෙනවා. බල්ලෙකුට ගලක් ගැහුවත් ඒකටත් මිනිස්සු වැරැදි කාරයෝ වෙනවා, රටේ නීති-රීතිත් විකෘති වෙලා... !
පළාත් පාලන ආයතන ගැන නම් කියලා වැඩක් නැහැ... බලය ලත් නිලධාරි හැටියට පත්වූ ලේකම් දැන් උජාරුවට කාර්‍යාලයේ ඉන්නවා මිස කරන වැඩක් නැහැ. සභා ප්‍රදේශයේ මාර්ග අවහිර කිරීම් බොහෝමයක් කරනවා ඒවා බලන්න කෙනෙක් නැහැ.. මෑතකදී පැල්මඩුල්ල ප්‍රදේශයේ කෙනෙක් මාර්ගය අයිනේ තියෙන අනතුරුදායක ගස් කීපයක් ගැන ලිඛිතව බලය ලත් නිලධාරි දැනුවත් කළාම එම ගස් ඉවත්කරන්න මුදල් ගෙවා අයැදුම්පත් ඉදිරිපත් කරන්න කියලා දන්වා තියෙනවා කියලා ආරංචියක් ලැබුණා... ඉතින් පාරේයන මිනිහෙකුට අනුන්ගේ ඉඩම්වල තියෙන ගස්වලින් අනතුරු කියලා මුදල් ගෙවලා අයැදුම්පත් දෙන්න තියෙන අමාරුව මොකක්ද? ඔන්න ඔහොමයි දැන් ලංකාවේ පළාත් පාලන ආයතන වල වැඩකරන ආකාරය...