( ප්‍රසාද් රුක්මල් )
හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව මීහරකුන් සහ එළගවයින් හොර රහසේ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමඟ පුද්ගලයන් තිදෙනකු අද (21) අලුයම හාලිඇල දික්වැල්ලවත්ත උඩකොටසේ දී අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගන්නා විටත් ලොරිය තුළ මීහරකුන් දෙදෙනකු සහ එළගවයකු , ගැබ්බර එළදෙනකු හිංසාකාරි ලෙස සිරකර අතපය ගැටගසා සිටි බවද පොලිසිය කීය .
වැලිමඩ ගුරුතලාව සහ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34, 41,44 වයසේ පසුවෙන තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය පැවසීය .
හාලිඇල පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත ඇටම්පිටිය දික්වැල්ලවත්ත මාර්ගයේ දික්වැල්ලවත්ත උඩකොටස ප්‍රදේශයේ මගරැක සිට මෙම වැටලීම සිදුකර බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරිය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
මොවුන් මෙම ගවයින් හාලිඇල කැටවල සිට වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයට මෙසේ හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවස්ථාවකදී ප්‍රවාහනය කරන වාහනය රාජසන්තක කළ යුතුය. හුඟක් අවස්ථාවලදී නඩු පවතින්නේ රියදුරාට සහ වාහනයේ ගමන්ගත් පුද්ගලයන්ට පමණි. එමනිසා වාහනය රාජසන්තක කොට අයිතිකරුටද නඩු දමා උසාවිය ඉදිරියේ වැරැදි කරුට දඬුවම් ලබාදිය යුතුය.