IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර හරක් ජාවාරමේ ගිය සමෘද්ධි නිලධාරියා කොටු වෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු  ලබන සමෘද්ධි සංවර්ධන නිළධාරිවරයකු  තමන් පදිංචි පෙත්තිගම ගම්මානයෙ ගවයින් හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී ගම්වාසින් හා මහකුඹුක්කඩවල පොලිසියෙ නිළධාරින් එක්ව අද ( 2 ) අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහකුඹුක්කඩවල පෙත්තිගම ප්‍රදේශයෙ පදිංචි මුන්දලම සමෘද්ධි සංවර්ධන නිළධාරියකු ලෙස කටයුතු කරමින් සිටින බව කියන 45 හැවිරිදි  අයෙකු බව කියයි.

සැකකරු ඔහුගේ නිවසට ආසන්න නිවසේ ගවයින් තිදෙනෙකු අද අලුයම මස් සදහා මුන්දලම පුලිච්චාකුලම මස්කඩකරුවන් පිරිසකට අලෙවි කර එම ගවයින් බෝලෝරෝ වර්ගයෙ කැබ් රථයකට පටවමින් සිටියදී ගම්වාසින් හා මහකුඹුක්ඩවල පොලිසිය එක්ව සිදුකල වැටලිමකදි අත් අඩංගුවට ගෙන තිබුනී.

අත් අඩංගුවට ගත් හරක් ජාවාරමේ නිරත වු සමෘද්ධි සංවර්ධන නිළධාරියා පෙත්තිගම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරන බව පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.

කලක සිට පෙත්තිගම හා කොරකහායාය ප්‍රදේශ වල ගවයින් සොරා ගැනිම සිදුව තිබුනද එය කවුරුන් කරනවා දැයි තහවුරු කර ගැනිමට දැඩි වෙහෙසක් ගෙන තිබු බව කියයි.

කෙසේ නමුත් පොලිසිය උපාය දුතයින් යොදවමින් මෙම ජාවාරම සිදුකරන පිරිස සොයා පරික්ෂණ කටයුතු නිරත ව තිබු බව කියයි.

එසේ සිටියදී අද අලුයම අදාල සමෘද්ධී සංවර්ධන නිළධාරියාගෙ නිවසට යාබද නිවසේ ගවයින් කැබ් රථයක් රැගෙන විත් පටවමින් සිටියදී පොලිසිය හා ගම්වාසින් විසින් රැක අල්ලා ගෙන තිබුණි.

 



අදහස් (2)

හොර හරක් ජාවාරමේ ගිය සමෘද්ධි නිලධාරියා කොටු වෙයි

Lalla Wednesday, 02 August 2023 07:35 PM

වෙනසක් නෑ... ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ පැටිකිරිය ඕකයි. සමෘද්ධිය නම් ඉතින් වැඩ කරන ජනතාව සූරාකෑම සහ නිකමුන්ට කන්න බොන්න දීම නේ....

:       0       0

Bunny Preena Thursday, 03 August 2023 09:29 AM

මේවගේ වංචනිකයකු සමුර්ධි නිලධාරියා හැටියට පත්කළ එකාලට තලන්න ඕන

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site