(ඉන්දිකා රාමනායක)
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 7 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා ව්‍යාජ මුදල් උපයෝගී කරගෙන වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ ගෙන ඇති බවත්,කඩහිමියා පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සතුව ව්‍යාජ මුදල් නෝට්ටු හතරක් තිබී ඇති අතර , සැකකරුවකුගේ නිවස පරික්ෂා කිරීමේදී තවත් මුදල් නෝට්ටු තුනක් සොයා ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරද? අච්චු ගහපු කෙනාවයි, එයාගේ අච්චු මැෂිමයි එක්ක අල්ලා ගෙනත් දුන්නත් උසාවියෙන් ඇප දීලා එළියට දානවා. අර හොර ආයෙමත් පුරුදු බිස්නස් එකම කරගෙන යනවා.