(යොහාන් භාසුර)

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇළවීමේ ජාවාරම කළ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ව්‍යාජ ස්ටිකර් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස සහ නියම මත්පැන් හදුනාගැනීමට කිව්.ආර්. තාක්ෂණයෙන් ජංගම යෙදවුමක් ඉක්මණින් හඳුන්වා දෙන ලෙසත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කළ බව ද එම නිලධාරියා කීය.

ව්‍යාජ ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි සංඛ්‍යාව වෙනුවෙන් එක සමාගමකින් රුපියල් කෝටි 4 කට ආසන්න දඩයක් අය කර ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.