
(ගයාන් සූරිය ආරච්චි)
සිංගප්පූරු ජාතිකයකු විසින් නිතීවිරෝධිව මහා පරිමාණයෙන් මහර කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විස්කි ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරකට අනුව යුද හමුදාව සමග මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.
එහිදී මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47ක පුද්ගලයකු සහ අවුරුදු පනස් පහක පස්යාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්කාගාරයේ තිබි සීල් මැෂින් 02 ක්, ලීටරයේ විස්කි බෝතල් 54 ක්, හිස් ලීටරේ බෝතල් 70 ක්, ලීටර 25 හිස් කෑන් 09, ලීටර 500 හිස් බැරල් 06 ක්, ස්ප්‍රිට් (97%) ලීටර 133 ක්, ස්ටිකර් ලේබල් තොගයක් සහ හිස් මූඩි 725 ක් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආමි එකට දුන්නා නම් හරි මේවා අල්ලන්න. පොලිසියට නොදී.
සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා....
බ්‍රෑන්ඩ් එක මොකක්ද?