(ටී.කේ.ජී.කපිල )
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන පන්නල ප්‍රදේශයේ නිවසක භූගත කාර්යාලයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම මුද්‍රණාලය තුළ විදෙස් රටවලින් නිකුත් කරන ආකාරයේ උසස් ගුණාත්මක තත්වයෙන් යුතු අති නවීන මුද්‍රන උපකරණ , විවිධ රටවල සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා සමාන නිල මුද්‍රා , ජල මුද්‍රා සටහන් කළ හැකි මුද්‍රන යන්ත්‍ර ඇතුළු තවත් නවීනතම යන්ත්‍ර රාශියක් අත් තිබී අඩංගුවට ගෙන තිබේ .
මෙම මුද්‍රනාල සංකීර්ණයේ ඒ වන විට එම කටයුතු වල නියැලී සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd