
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිකවැරැටිය රෝහලේ වකුගඩු සායනයට ස්කෑන් පරීක්ෂණයකට ආ 62 හැවිරිදි කාන්තවක රවටා ඇය පළඳ සිටි රන් ආභරණ එම රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි නාඳුනන පුද්ගලයකු වංචාවෙන් ලබාගෙන පළා ගොස් ඇතැයි නිකවැරැටිය පොලිසිය කියයි.
නිකවැරැටිය භිතියගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙම සිද්ධිය මුහුණ දි ඇත. රෝගී කාන්තාවගෙන් තොරතුරු විමසා පසුව රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට කටයුතු කළ යුතු යැයි සේවක සේවිකාවන් කීප දෙනකුට බැන වැදුණු බව කියන සැකකරු මෙම කාන්තාව ස්කෑන් පරීක්ෂණයකට යැයි කියා කැඳවගෙන ගොස් මෙම කොල්ලය සිදු කර ඇතැයි ද වාර්තා වේ.
වෛද්‍ය පරීක්ෂණයට පෙර රන් ආභරණ ගලවන ලෙස දැනුම්දී ඒවා ගැලවීමෙන් පසු ඉල්ලාගෙන එසේ පළාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd