
(අංජුල මහික වීරරත්න)
සමාජීය හා දේශපාලනික වශයෙන් අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක රජයේ නිල ස්ථාවරය ජනතාව අතරට නිවැරදිව ගෙන යාම සහ රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීම රජයේ සේවකයින්ගේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙි උත්සවයේදී ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය රජයේ නිල ප්‍රතිඥාව ලබා දීම ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රජයේ නිල ස්ථාවරය රටට ප්‍රකාශ කිරීමේ ජාතික වගකීම ඉටු කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊට අදාළ තොරතුරු හා ප්‍රවෘත්ති පසුගිය සමයේ ප්‍රශස්ථ ලෙස ජනතාව අතරට සන්නිවේදනය කිරීමට සමත් වූ අතර එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ කාර්යක්ෂම මැදිහත්වීම සහ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
"අප මේ ගත කරමින් සිටින්නේ අභියෝගාත්මක සහ සංවේදී කාල සීමාවක්. මෙවැනි මොහොතක සමාජය ධනාත්මක ඉදිරි ගමනක් කරා මෙහෙයවීම මාධ්‍යයේ සහ ඊට අදාළ සන්නිවේදන ක්ෂේත්‍රය නියෝජනය කරන අයගේ වගකීමක්.
මා මෙම තනතුරට පත් වී පැමිණි කෙටි කාලය තුළ එම වගකීම ඉටු කිරීමට ඔබ ලබාදුන් සහයෝගය සුවිශේෂය. ඒ පිළිබඳව මා ඔබට මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.යනුවෙන් ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කොච්චර ආණ්ඩුවට කඩේ ගියත් අපිට හරි තොරතුරු දැනගන්න ක්‍රම තියනවා මහත්තයෝ