(යොහාන් භාසුර)
ගැසට් නිවේදනයක් හරහා ප්‍රමිතිගත කළ පරිදි නියමිත බර ප්‍රමාණය සහ පාන්වල මිල ප්‍රදර්ශනය නොකළ රටපුරා බේකරි සහ වෙළෙඳසැල් 200 කට අධික සංඛ්‍යාවක් වැටලූ බවත් එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරි දින කීපයේදී නඩු පවරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (9) පැවසීය.
පාන්වල නියමිත බර ප්‍රමාණය නොමැති වීම මෙහිදී වැඩි බේකරි සහ වෙළෙඳසැල්වලට එල්ල වූ චෝදනාව බවත් ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට චෝදනා දෙකම එල්ල වූ බවත් එම නිලධාරියා කීය.
පසුගිය 5 වැනිදා සිට 8 වැනිදා දක්වා දින හතරක් තුළ කළ වැටලීම්වලින් මෙම වෙළෙඳසැල් නීතියේ රැහැනට හසුකරගැනීමට හැකිවූ බවත් රටපුරා වැටලීම් තව දුරටත් ක්‍රියාත්මක බවත් එම නිලදාරියා කීය.
පාරිභෝගිකයන්ට පාන් හෝ වෙනත් භාණ්ඩයක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැනම් එම අධිකාරියේ 1977 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම නිලධාරියා ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙන්දෝ දුප්පත් ජනතාව සූරා කන්නේ දශක ගණනාවක පටන්, බේකරිය දාලා අවුරුද්දෙන් වෑන් 3,4 ගන්නේ හොරා කාපුවා...
ඔය කොයි හොරු ඇල්ලුවත්, සීනි හොරු නම් අහුවෙන්නේ නෑ...
පාන් සම්බන්ධ පැමිණිලි ගන්න අංකය වෙන්න තිබුනේ 1994 මිස 1977 නොවෙයි ජනතාවට 3.50 ට පාන් දෙනවා කියලා පොරොන්දුවීම මතක් වෙන්න 1994 තමයි වඩාත්ම සුදුසු...!
වෙළෙන්දෝ දුප්පත් ජනතාව සූරා කන්නේ දශක ගණනාවක පටන්, බේකරිය දාලා අවුරුද්දෙන් වෑන් 3,4 ගන්නවා...