
(ෂේන් සෙනෙවිරත්න)
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය වෙත දේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසමින් රුපියල් හය 6000 සිට 50,000 දක්වා මුදල් ලබාගත් බව කියන එම කාර්යාලයේ හිටපු සේවකයකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු එම තරුණ තරුණියන් විසින් අල්ලා මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ .
එක් දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සීමා සහිත ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් දෛනිකව මහනුවර කාර්යාලය මගින් නිකුත් කරන අතර එම ඉල්ලූම් පත්‍ර කිහිපයක් සැකකරුවන් විසින් කාර්යාලය තුළින් ලබා ගෙන ඒවා මුදලට අලෙවි කර තිබෙන බව පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී තිබේ .
එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමදීම සඳහා රුපියල් 40,000 ත් 50,000 මතර මුදලක්ද සාමාන්‍ය ක්‍රමය යටතේ විදෙස් ගමන බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් 6000 ක මුදලක් ද සැකකරුවන් ලබාගෙන තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි තරුණියකගෙන් අත්තිකාරමක් ලෙස රුපියල් 25,000 ක මුදලක් ලබා ගනිද්දී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ සිටි තරුණයන් පිරිසක් විසින් සැකකරුවන් තිදෙනකු අල්ලා ගෙන තිබේ .
ඒ අල්ලා ගත් තිදෙනා අතර ආගමන විගමන කාර්යාලයේ කලක් සේවය කළ බව කියන පුද්ගලයෙකු ද ත්‍රිරෝද රථ රියදුරකු සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිටින බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම එවැනි අයට දඬුවම් දිය යුතුමයි . අපේ රටේ රාජ්‍යය සේවයේ සිදුවන්නේ හැම දේටම අල්ලස් ගැනීම. මටත් ඔවැනි දෙයක් උනා . කියන්න බය නැහැ . බොහෝ සාක්ෂි මම ළඟ තියෙනවා. මම ඉතාලියේ කතානියා නගරයේ ජීවත් වෙන්නෙ .ඉරිදා ලංකාදීප පුවත්පතේ සයුරෙන් එතෙර පිටුවට මම ඉස්සර ආර්ටිකල් ලිව්වා. මගේ පාස්පෝට් එක අළුතින් ගන්න ගිය අවුරුද්දේ ජුනි 26 වන දින රෝමයේ එම්බසියට ගිහින් බාර දුන්නා .නමුත් පාස්පෝට් එක නියමිත කාලෙට රෝමෙට ආවෙ නැහැ . හොයලා බලද්දී රෝමෙන් කියනවා සේරම ලංකාවට ඇරලා තියෙන්නේ , එහේ ප්‍රශ්නයක් කියලා . ලංකාවෙ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඇහුවම කියනව රෝම් එම්බසියෙ වැරැද්දක් කියලා . ඔහොම මාස 10ක් පහුවුනා. මට තේරුණා මොනාහරි දෙයක් සිද්ධ වෙනවා කියලා .අන්තිමට මම රෝම් එම්බසියට මේල් ඇරියා , මගේ කිසිම අඩු පාඩුවක් නැති ඩොකියුමන්ට් වල,, තව දුරටත් පාස්පෝට් එක මගේ අතට ලැබෙන්නෙ නැත්නම් මම යම් ක්‍රියා මාර්ගයක් ගන්නවා . මම පත්තරේටත් ලියනවා කියලා . ඊට පස්සෙ මට මේල් එකක් ආවා රෝමෙන් ලංකාවෙන් විමසීම් කළා . ඉක්මනට එවනව කියලා . කොහොමහරි මාස 111 දවස් 20කට පස්සෙ පාස්පෝට් එක ගෙදරටම ආවා , කතානියා . ඔන්න ලංකාවේ වැඩ.