
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා රන් මාලයක්, බ්‍රේස්ලට් එකක් සහ රන් මුදුවක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම දරුවා රවටා සොරාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
අනුක්කනේ කුඹුකොටුව ප්‍රදේශයේ හතළිස් හැවිරිදි මවක සිය පුතාගේ කකුලේ කටුවක් ඇනීමෙන් සිදුව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ වෛද්‍යවරයකු මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.
එහිදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු දරුවා ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ යුතු බව පවසා පැළඳ සිටි රන් ආභරණ ගලවා බෑගයට දමන ලෙස කළ ඉල්ලීමක් අනුව දරුවා ඒවා බෑගයේ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.
වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දරුවා කැඳවාගෙන ගොස් රෝහලේ බංකුවක් මත වාඩි කරවා දරුවා සතුව තිබූ රන් ආභරණ රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ ගෑනිට ඉක්මනින් මානසික ප්‍රතිකාර දීමට මුලින්ම කටයුතු කරන්න ඕන මොකද කුඩා දරුවෙකුට ලක්ෂ හතරකට ආසන්න වටිනා පංචායුධ පැළදුවේ මොකටද මේක ඒ අම්මන්ඩි වුවමනාවෙන් කළ දෙයක් තමයි
උණු වතුර බෝතල් හොරු පාර්ලිමේන්තු ගිය රටේ ඕකත් හොරකමක්ද?
චුට්ටක් අවිස්සාවෙල්ල රෝහල ඔහොම දෙයක් වෙලා හොරාව ඇල්ලුවා.එයාම වෙන්න පුලුවන්