
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා රන් මාලයක්, බ්‍රේස්ලට් එකක් සහ රන් මුදුවක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම දරුවා රවටා සොරාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
අනුක්කනේ කුඹුකොටුව ප්‍රදේශයේ හතළිස් හැවිරිදි මවක සිය පුතාගේ කකුලේ කටුවක් ඇනීමෙන් සිදුව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ වෛද්‍යවරයකු මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.
එහිදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු දරුවා ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ යුතු බව පවසා පැළඳ සිටි රන් ආභරණ ගලවා බෑගයට දමන ලෙස කළ ඉල්ලීමක් අනුව දරුවා ඒවා බෑගයේ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.
වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දරුවා කැඳවාගෙන ගොස් රෝහලේ බංකුවක් මත වාඩි කරවා දරුවා සතුව තිබූ රන් ආභරණ රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
Mottapala Friday, 26 April 2024 10:38 AM
ඇත්තටම මේ ගෑනිට ඉක්මනින් මානසික ප්‍රතිකාර දීමට මුලින්ම කටයුතු කරන්න ඕන මොකද කුඩා දරුවෙකුට ලක්ෂ හතරකට ආසන්න වටිනා පංචායුධ පැළදුවේ මොකටද මේක ඒ අම්මන්ඩි වුවමනාවෙන් කළ දෙයක් තමයි
Prabha Friday, 26 April 2024 03:39 PM
උණු වතුර බෝතල් හොරු පාර්ලිමේන්තු ගිය රටේ ඕකත් හොරකමක්ද?
විශ්ව Sunday, 28 April 2024 11:19 PM
චුට්ටක් අවිස්සාවෙල්ල රෝහල ඔහොම දෙයක් වෙලා හොරාව ඇල්ලුවා.එයාම වෙන්න පුලුවන්