IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


හොර දේපළ රාජසන්තක කරන අලුත් ක්‍රමයක්

(යොහාන් භාසුර)

‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’යටතේ පුද්ගලයෙක් වරදකරු නොකර ඔහුගේ දේපළ රාජසන්තක කළ හැකි බවත් එවැනි දේපළ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (2) පැවසීය.

කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රංග දිසානායක මහතා එසේ පැවසීය.

යම් දේපළක් පිළිබඳව එහි හිමිකරු නිෂ්චිත පිළිතුරක් සැපයීමට අපොහොසත් වෙන්නේ නම් එම දේපළ සම්බන්ධයෙන් වෙනත් වරදක් අනාවරණය නොවුණත් ඔහුව වරදකරු නොකර දේපළ රාජසන්තක කළ හැකි බවත් 2025 අංක 5 දරණ ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’ ඉතාම වැඳගත් පනතක් මෙන්ම එම පනත මෙම වසරේ ජූනි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ මහතා කීය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එම පනත යටතේ විශාල වගකීමක් පැවරී ඇති බව කී ඒ මහතා එම පනත යටතේ දැනටමත් විමර්ශන හතරක් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

මෙම පනත යටතේ පුද්ගලයා සම්බන්ධයෙන් නොව දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නිසා එම විමර්ශන පහසුවී ඇති බවත් යම් දෙපළක් අදාල පුද්ගලයා සතුවූයේ කෙසේද යවන්න මෙහිදී විමර්ශනය කරන බවත් ඒ මහතා කීය.

වැරදි කළ අයට දඩුවම් දීමට සහ වැරදිවලින් උපයාගත් දේපළ නැවත මේ රටට ගන්න ජනතාව බලාපොරොත්තු වූ බවත් එවැනි වාහන, නිවාස, ගොඩනැගිලි සහ හෝටල් වැනි දේපළ පිළිබඳව ජනතාවට පැමිණිළි කළ හැකි බවත් ඒ මහතා පැවසීය.

අල්ලස් කොමිසමට හෝ පොලිසියේ පීසීඅයිඩී ලෙස වෙනම ඒකකයක් නිර්මාණ කළයුතු යැයි සහ දෙපාර්ශවය මාසට වරක් රැස්වී තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි පනතේ සදඟන් වෙන බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවත් රංග දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

හොර දේපළ රාජසන්තක කරන අලුත් ක්‍රමයක්

222222222v Thursday, 02 October 2025 08:14 PM

සතුටු නම් ලයික් දමමු. හොරුන්ට සපෝට් නම් ඩිස්ලයික්...

:       1       0

පිටිගල මිලානෝ Thursday, 02 October 2025 10:26 PM

රාජසන්තක කිරීමේ වේගවත් ක්‍රමයක් ගෙන එන්න.

:       0       0

Cham Friday, 03 October 2025 12:32 AM

AKD මෙයාට කියන්න ඉස්සෙල්ලාම කෝට් යන්න කියලා. එයාට විරුද්ධව තියෙන චෝදනාවලට... වොයිස් කට් දිදී ඉදලා වැඩක් නෑ.

:       0       0

Sam Friday, 03 October 2025 11:34 AM

අපි ගරු වසන්ත සමරසිංහ මැතිතුමාගෙන් පටන් ගනිමු.

:       12       10

මංබයියා Friday, 03 October 2025 01:05 PM

එයා තමයි ලංකාවට ඕක හදුන්වාදුන්නේ නේද? හොඳයි එතනින් පටන්ගමු.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site