(අංජුල මහික වීරරත්න)
නියමිත දිනයට වගා නොකරන කුඹුරුවල ගොවීන් සඳහා වගා හානි සිදුවීමක දී වන්දි නොගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.
මෙවර මහ කන්නයේ වර්ෂාව සම්බන්ධව කාලගුණ විද්‍යා අංශ විසින් මේ වනවිට ලබා දී ඇති පුරෝකථන අනුව ඔක්තෝබර් මාසයේ දී බස්නාහිර හා දකුණ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කවලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නොවැම්බර් මාසයේ දී බස්නාහිර, දකුණ හා තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන අතර උතුර, උතුරුමැද, මධ්‍යම පළාත්වලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබීමට නියමිත බව කාලගුණ අංශ අවධාරණය කර තිබේ.
පවතින දේශගුණ විපර්යාස නිසා ඇතැම් විට විශාල පරිමාණයේ වර්ෂාවන් මෙන්ම වියළි කාලගුණයක් ද ඇතිවීමට ඉඩ ඇති නිසා එවැනි තත්ත්වයන්ගෙන් වන වගා හානි වලක්වා ගැනීම සඳහා නියමිත දිනයේ දීම වගා කටයුතු ආරම්භ කිරීමට ගොවීන් පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කෘෂිකර්මාන්තය වනසන අමාත්‍යංශයක් තියෙන එකම රට ලංකාව වෙන්න ඇති.