(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවකු ලෙස සේවය කරන වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.
සැකකාර පුද්ගලයා කැස්බෑව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට ගොස් තමන් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුම විසන්ධි කරන නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ආයතනය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත පෙන්වා එම ආයතනයේ ජල බිල්පත් පරීක්ෂාකර බිල් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට සිදුවන බවට පවසා තිබූ බව පොලිසිය කියයි.
ජල සැපයුම විසන්ධි නොකර සිටීමට නම් තමන්ට රුපියල් 4000 මුදලක් ලබා දෙන ලෙසත් සැකකරු පවසා ඇති අතර එතරම් මුදලක් නොමැති බව පැවසීමෙන් අනතුරුව තේ බීමට රුපියල් පන්සියයක් ලබා දෙන ලෙස සැකකරු ව්‍යාපාරිකයා ට පවසා තිබූ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජගෙදර මහ කකුළුවන් රටම හොරා කා රට බංකොලොත් කොට තිබියදී මේ හූනු බිජුව ගැන කුමට කතාද ?
හොරට හොරට රට හූනු බිත්තර කන පුරුද්ද නං ඇරඹූ දිනයක්, නැත්තේ කොතනද, නොකරන්නෙ කවුද?
ඉස්සෙල්ලාම දත්ටික බඩට යන්න ගහලා ගස්බඳින්න. මේ වගේ වෙස්වලාගෙන ඉන්න කෙනෙක්, මංකොල්ලකාරයෙක්... මිනීමරුවෙක් වෙන්නත් පුළුවන් නේද?
තමන්ගෙ බිල් නියමිත වෙලාවෙ ගෙවල තිබේනම් ඔය කියන කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ එහෙම කෙනෙකුට කැමති නම් අර පුද්ගලයාට දඩුවමක් දෙන්න වුනත් බැරි කමක් නැහැ