
(අංජුල මහික වීරරත්න)
විවිධ හේතු නිසා එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් සියයට 90ක් පමණ යළි එජාපය සමග එකතු වීමට සූදානමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.
එම පාක්ෂිකයින් මෙන්ම වැඩ කරන ජනතාව සමග එක්ව ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වන බවද රවී කරුණානායක මහතා කීය.
කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.
පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් හතු පිපෙනවා සේ බිහි වන ජන පදනමක් නැති දේශපාලන සන්ධාන වලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැතැයි ද එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින්නේ යැයි ද රවී කරුණානායක මහතා කීය.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද කරුණානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය තියනකන් දිනල ඉන්නෙ
මේ වගේ හොරු කරපු තක්කඩි කම් ,ජඩ කම් නිසා තමා UNP එකට මෙහෙම උනේ
990% ඔයාලා කරපු දේවල් අමතක නෑ.
මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. අපේ ගමට අයිති ඡන්ද 6000ට වඩා තියනවා. ඉස්සර ඒකෙන් 4500ක් විතරම unp. ඒත් අද unp ඡන්ද 50ක් හොයාගන්න නෑ. ඒ තරමට ජනප්‍රියයි. unp එක විනාශ කලේ, රනිල්, රවී, අකිල, වජිර, සාගල, රන්ගේ කියන පිරිස. අද unp තුළ ජනතා ආකර්ශනය සහිත කිසිවෙක් නෑ. කොටින්ම ඡන්ද පත්‍රිකාවක් බෙදන්න unp එකට මනුස්සයෙක් හොයාගන්න බෑ. ගෙදරකට ඡන්දෙ ඉල්ලගෙන යන්න බෑ. ඒ තරමට ජනප්‍රියත්වය...
හිතට එන දේ කියනවා නේද? අනිත් වැඩත් ඔහොම ඇති නේද? උත්සාහ ගන්නේ රටක් පාලනය කරන්න නේද?
මුන් නම් හොර ගෙඩියා බව ජනතාව දන්නවා.
මහ බැංකු හොරුන්...!
මහගෙදරට එන්නේ කවුද? ජනතාව නම් එන්නේ නෑ... ඡන්දෙ තියනකන් බලාඉන්නේ එතකොට මහගෙදරටම වෙලා කට්ටිය ඉන්න පුළුවන්.
පව් නේ, තව ටික කාලයක් ඔහොම කියන්න දෙමු. ඊට පස්සේ හිරේදී මොනවා කරන්න ද?
තමුන්ගේ ආසනයෙනුත් පැරදුණු කෙනා මොනවා කියනවද මන්දා?
මෝඩයා, මහා ගෙදරට නොවෙයි "මහ උළු ගෙදරට" ළඟදීම යන්න ලැහැස්ති වෙනවා.
මහගෙදර කිව්වේ කොයි ගෙදරද? අර එපාර්ට්මන්ට් එකද?