
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් වීම යනු රට බංකොලොත් වීම යැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
දැන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වෙමින් පවතින අතර රටද ශක්තිමත් වීම අරඹා ඇතැයි එජාප මහ ලේකම්වරයා කීය.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (13)සහභාගී වෙමින් රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ කටුගම්පොළ ආසනයේ හිටපු සංවිධායක මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත්‍ර අසංක පෙරේරා මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ පාලිත රංග බණ්ඩාර මහතා පැවසූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පතාක යෝධයකු වූ ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත්‍රයා එජාපය සමග එකතුවීම සුවිශේෂී සිද්ධියක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර දිනන්න පුළුවන් නම්, චන්දයක් තියල බලන්න. ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියල බලන්න පුළුවන්.
3% චන්ද අරන් ආණ්ඩු පිටුවන්න බැහැ , ලබන චන්දෙන් පොහොට්ටුවේ දුෂිත සෙට් එක පාර්ලිමේන්තුවෙන් හැලෙන නිසා පස්ස දොරේ වැඩෙත් අවුල් වෙනවා , අසංක පෙරේරාගේ මුණ බැලුවහම පෙනෙනවා ඔහු ඉන්නේ සතුටෙන්ද නැද්ද කියල
ඔයාලාගේ සුරංගනා කතා අහලා දැන් රටත් බංකොලොත් අපිත් බංකොලොත්
අයියෝ කොහෙන්ද මේ මහත්තයාව හොයා ගත්තේ. අපේ U N P වෙච්ච දෙයක්. ඡන්ද 10 වත් තියෙයිද?
මේ දිරකඩ වොඩ්කා අංකල් රනියගෙ පස්සේ එල්ලිලා දගලන බොරු දැගලිල්ලක්. තව වැඩි දවසක් නැහැ.
ඔය මොකා ආවත් ඔහේගේ පැත්තට අපිනේ චන්දය දෙන්නේ අපි ඒ වේලාවට බලාගන්නම්
ඔබලාගේ දේශපාලනය කියන්නේ හොරු අරහෙට මෙහෙට පැනීම, ඩීල් දැමීම, නින්දා අපහාස කිරීම ඔය ඒමේ පැත්තට පනින එවුන්ගෙන් එහෙම පනින්න හේතුව පොඩ්ඩක් අහනවාද? ඕවා ඉස්සර උපක්‍රම රංගයෝ... දැන් මිනිස්සු බුද්ධිමත් මෙහෙම පනින එවුන් පෙන්නීමෙන් වෙන්නේ ඔබලාගේ තියෙන ඡන්ද ටිකත් ඉවරයි.