(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ පුරාණ ගල් කැටයම් සහිත සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහනුවර අරුප්පොල ප්‍රදේශයේ නිවසකට සහ වාහන අංගනයකට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කළ බව පොලිසිය කියයි .
මෙම පුරාවස්තු කොල්ලයේ පොලිස් විමර්ශන කටයුතු මහනුවර පොලිසිය මග හැරීම හේතුවෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවරට පැමිණ එහි විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ .
කිලෝ දහසක් පමණ බරැති එම පුරාවස්තුව රැගෙන යාම සඳහා උපයෝගි කර ගත් භූම් ට්‍රක් රථය පැදවූ රියැදුරු සහ රියදුරු සහයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව අරුප්පොළ පිහිටි අදාල නිවසට සහ වාහන අංගනයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු යොදා තිබෙන අතර එම නිවසේ සහ වාහන අංගනයේ හිමිකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ බවද පොලිසිය කියයි.
පුරාවස්තුව ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් භූම් ට්‍රක් රථය මෙම වාහන අංගනයේ ගාල් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු" ප්‍රභලයි කියන දේශපාලුවත් පට්ට හොරෙක් නේද?
බූම් ට්‍රක් රථය සතයක ප්‍රමාණයේ බැවින් එය වාහන නැවැත්වීමකදී සොයා ගැනීමට වසර ගණනාවක් ගත විය හැකිය.