IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


හොරා ගත් සඳගල ගැන තොරතුරු රැසක් එළියට

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ පුරාණ ගල් කැටයම් සහිත සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහනුවර අරුප්පොල ප්‍රදේශයේ නිවසකට සහ වාහන අංගනයකට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කළ බව පොලිසිය කියයි .

මෙම පුරාවස්තු කොල්ලයේ පොලිස් විමර්ශන කටයුතු මහනුවර පොලිසිය මග හැරීම හේතුවෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවරට පැමිණ එහි විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ .

කිලෝ දහසක් පමණ බරැති එම පුරාවස්තුව රැගෙන යාම සඳහා උපයෝගි කර ගත් භූම් ට්‍රක් රථය පැදවූ රියැදුරු සහ රියදුරු සහයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව අරුප්පොළ පිහිටි අදාල නිවසට සහ වාහන අංගනයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු යොදා තිබෙන අතර එම නිවසේ සහ වාහන අංගනයේ හිමිකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ බවද පොලිසිය කියයි.

පුරාවස්තුව ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් භූම් ට්‍රක් රථය මෙම වාහන අංගනයේ ගාල් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි .



අදහස් (2)

හොරා ගත් සඳගල ගැන තොරතුරු රැසක් එළියට

ravin Monday, 09 January 2023 06:41 PM

" මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු" ප්‍රභලයි කියන දේශපාලුවත් පට්ට හොරෙක් නේද?

:       0       15

lankaputha Monday, 09 January 2023 07:13 PM

බූම් ට්‍රක් රථය සතයක ප්‍රමාණයේ බැවින් එය වාහන නැවැත්වීමකදී සොයා ගැනීමට වසර ගණනාවක් ගත විය හැකිය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 828 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site