
අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි.
හැරී කුමරුග් ලියූ ස්වයං චරිතාපදානය නම් කර ඇත්තේ ‘Spare’ යනුවෙනි. ‘Spare’ ස්වයං චරිතාපදානය, ලබන ජනවාරි 10 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
‘ද ගාඞ්යන්’ පුවත්පත එහි සඳහන් කරුණු කාරණා කීපයක් ප්‍රසිද්ධියට පත් කළේ ‘Spare’ කෘතිය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, ඔවුන් අතට පත්වුණු පිටපත පාදක කර ගනිමිනි.
හැරී කුමරු සහ විලියම් කුමරු අතර බහින් බස් වීම් සිදුවී, විලියම් කුමරු හැරී කුමරුන්ට බිම වැටෙන්න පහර දී ඇති බව හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.
බහින් බස් වීමට හේතුව හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල්ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද? අපේ අප්පච්චි මුළු රටටම නැගිටින්න බැරි වෙන්න පහර දුන්නේ....
රජ පවුලෙ කියලා අයියටයි මල්ලිටයි පොඩි වලියක් දාගනන් බැරිද? මෙක මහ ලොකු පුවතක්ද? අර අපෙ මහ අයියන්ඩිත් කට්ටියට කනට ගහන්න ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ..
අයියලා මල්ලිලා ගුටි කෙලගන්න එක සාමාන්‍ය දෙයක් නොවේද.රජ පවුලේ උනත් සාමාන්‍ය කොල්ලෝ කුරුට්ටෝ
අපේ අයියත් ගෙදර සද්දෙ දාගෙන ඔක්කොම බයකරගෙන හිටියේ... ඉස්සරහට පැනලා දුන්නේ දෙකයි. දැන් ගාලට වෙලා පෙට්ටි කඩයක් කරනවලු...
ගුටි කනවා අහන්න දෙයක්ද? මේක විකාර කේස් එකක්නේ...
ඔය කවුරු මරාගත්තත් අපිට කමක් නැහැ...