
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට ඉන්ධන සැපයුම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මිලදී ගැනීම්වල පාරදෘශ්‍යභාවය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිලදී ගැනීම හා සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු රැසක් දැන ගැනිමට අවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉන්ධන මිලදී ගැනිම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
පසුගිය මාස 12 තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි වූ නව සැපයුම්කරුවන් ප්‍රමාණය සහ ඔවුන් සම්බන්ධ තොරතුරුත් පසුගිය මාස 12ක කාලය තුළ නව හෝ පැරණි කිසියම් සැපයුම්කරුවකු එම බෙදාහැරීම් පැහැර හැර ඇත්නම් ඒ කවුරුන්ද සහ කවදාද කියා ඉදිරිපත් කරන ලෙසත් එවැනි පැහැර හැරීමක් සිදු කර ඇති අවස්ථාවකදී ඔවුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම පසුගිය මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් කැදවා ඇති හදිසි මිලදී ගැනීම් හා දිගු කාලීන ගිවිසුම් යටතේ සිදු කරන ලද මිලදි ගැනීම් ආදිය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් ඒ සදහා භාවිත කරන තාක්ෂණික හා වානිජ ඇගයීම්වල නිර්ණායක ඉදිරිපත් කරන ලෙසත් මෙම නිර්නායක සෙසු රටවල් සමඟ සසදමින් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd