IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිරේ ඉන්න මිතුරාට කුඩු දෙන්න ගිය මිතුරා ජීවිතාන්තය දක්වා හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා වු සිර දඬුවම් අද (10) නියම කළේය.

කෑම දැමු බාල්දියේ ව්‍යාජ ලෙස සකස් කළ පතුලක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී බන්ධනාගාර බුද්ධි අංශයේ රාජකාරී කළ දසනායක නමැති නිලධාරියාට ඇතිවු සැකයක් මත මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගනු ලැබු දේවරාජා ලෝරන්ස නමැති 25 හැවරිදි තරුණයාට මෙලෙස දඬුවම් නියම කෙරිණී.

හෙරොයින් ජාවාරමේ යෙදී සිටි විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 25ක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.

2019 දෙසැම්බර් 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ලේදී හෙරොයින් ග්‍රෑම් 25.094 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහුගේ මිතුරෙකු බැලීමට පැමිණ ඇති බවත් විත්තිකරු මිතුරාට දීම සඳහා මස් සහ බත් දමා සකස් කළ ආහාර බාල්දියක දමාගෙන විත් ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වු අතර එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ දසනායක නමැති නිලධාරියාට ඇතිවු සැකයක් මත කෑම වර්ග වෙනම භාජනයකට දමා කෑම ගෙනා බාල්දිය පරීක්‍ෂා කළ විට එහි ව්‍යාජ ලෙස සකස් කළ පතුලක් ඇති බව අනාවරණය කරගෙන ඇතැයි හෙළි විය.

එම ව්‍යාජ පතුල පරික්‍ෂා කිරීමේදී එහි සඟවා තිබු හෙරොයින්, ජංගම දුරකථනයක් සහ උපාංග තිබී සොයා ගෙන ඇති බවත් අනාවරණය විය.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරා දුන් ඇමතුමකට අනුව ඔහුගේ නිවසට ගිය විට ත්‍රීරෝද රථයකින් එහි පැමිණි පිරිසක් කෑම සහිත බාල්දියක් දී එය මිතුරාට දෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව තමන් බන්ධනාගාරයට ගොස් එය මිතුරාට දුන් නමුත් එහි හෙරොයින් ඇති බව තමන් දැන නොසිටි බව පැවසුවේය.

විත්තිකරුගේ විත්ති වාචකය පිළිගත නොහැකි බවත් එය නඩුවෙන් ගැලවීමට ගොතන ලද කතාවක් බවත් තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් තරණය කරමින් විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.



අදහස් (6)

හිරේ ඉන්න මිතුරාට කුඩු දෙන්න ගිය මිතුරා ජීවිතාන්තය දක්වා හිරේ

mangala Friday, 10 January 2025 04:15 PM

ග්‍රෑම් 25 ට ජීවිතාන්තය දක්වාද, කිලෝ 100ට වැඩි නම් රටින් පැනගැනීමට ඇපද ලබාදෙනු ලැබේ...!

:       2       28

චතුරිSaturday, 11 January 2025 02:18 AM

මන්ගල. ඔයා අලුත ඉපදුණු කෙනෙක් නොවේ නම් ඔයා කියන දේවල් වුනේ අපේ අප්පච්චි ඉන්න කාලේ. දැන්නම් කියන්නේ නාකි මයිනා කියලා. සූත්තර පුන්චා ඇතුළු සියලුම ජනාධිපතිවරු කාලේ තමයි... පව් කාරයින්ට සැප දුන්නේ... දැන්නම් එහෙම වෙන්නේ නැහැ. ඒ ගොන් රැල කරපු අපරාධ වලටත් දඬුවම් ලැබෙනවා. ටිකක් කල්යයි.

:       0       1

Rupasingha Friday, 10 January 2025 05:14 PM

මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න නම් එවැනි දඬුවම් අත්‍යාවශ්‍ය වෙනවා විමසිල්ලෙන් කටයුතු කළ නිලධාරියා ප්‍රශංසාවට ලක්කළ යුතුයි...

:       1       18

sam Saturday, 11 January 2025 06:25 AM

මේ සඳහා වෙනමම උසාවියක් පිහිටුවන්න. එතකොට මේ නඩු කඩිනමින් අසා මොවුන්ට දඬුවම් කළ හැකියි නේද?

:       0       0

Perera Saturday, 11 January 2025 06:25 AM

මේ මනුස්සයාට සල්ලි නෑ. හාස්‍යයට කරුණ නම් ඇප ලබා ගැනීම පමණක් නොව සියලු දෙනාගේම ආශිර්වාදය මැද රටින් පිටවන ජාවාරම්කරුවන් සිටීමයි..

:       0       0

ශාන් Saturday, 11 January 2025 08:07 AM

අවුරුදු 25යි. මුළු ජිවිතයම ඉවරයි. මේවා සමාජගත කරලා ලොකු ප්‍රසිද්දියක් දීලා පිළිකුල් සහගත දේවල් කරලා හෙලා දකින්න ඕනේ. හදිස්සියේ හරි ඒ මනුස්සයා කියන කතාව ඇත්ත නම් අනිත් අයට ඒ වගේ වැඩවලින් වැළකීමට ඒක ලොකු රුකුලක් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය හා දුෂණය නොවළක්වා රට ඉදිරියට ගෙනියන්න අමාරු වෙයි. අඩුම ගානේ වැට උඩ ඉන්න අයට හරි හැදෙන්න. සිංගප්පුරුවේ නම් අනිවාර්යය මරණ දඬුවම

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site