(නිමල කොඩිතුවක්කු)
වත්මන් ජනාධිපතිවරයාට හොරු ඇල්ලීමට නොහැකි වුවත් ඒ හැකියාව සමගි ජනබලවේගය සතු බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රට බංකොලොත් වූයේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොව රටේ සම්පත් දේපල සොරා කන ලද රාජපක්ෂ පාලනය නිසා වුවත් හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු අල්ලන වැඩේ සිදු කල නොහැකි බවත් විපක්ෂනායකවරයා පැවසීය.
රට පත්ව ඇති බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ඇති පහසුම ක්‍රමය කොමිස්වලින් අල්ලස්වලින් හා හොරා කෑ මුදල් නැවත ලබා ගැනීම බැවින් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ඩාලෙර් කෝටි ගණනක් මුදල නැවත ලබා ගත යුතු බවත් උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවක දී ඔහු සඳහන් කළේය.
රටට අවශ්‍ය වී ඇත්තේ එම මුදල් ලබා ගැනීම වුවත් හොරුන්ගෙන් පත්වූ ජනාධිපතිවරයාගේ පදනම වී ඇත්තේ රට විනාශ කළ හොරා කෑ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීම බවත් විපක්ෂ නායකවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාත් බලය ලබාගන්න කං මිනිස්සුන්ගේ සංවේදී ප්‍රශ්න ගැන කථාකරයි. බලය ගත්තාට පස්සේ ඒවා එච්චර තමයි.. ඔවුන් ඔක්කෝම යාළුවො මල්ලී කීවානේ...
කටින් ඕන දෙයක් කරන්න පුළුවන් බව දන්නෑ. කරන්න දුන්නාම යාලේ හැංගෙනවා...
අප්පුහාමි නරකද වැඩේ ගෙදරින්ම පටන් ගත්තා නම්? හොර සල්ලි ගහපු අයත් ළඟපාතම ඉන්න එකේ... ඒ වගේම අර ඒ දවස්වල හම්බන්තොට පැත්තේ ගෙවල්වලට මහන මැෂින්, වතුර මෝටර්, බයිසිකල් එහෙම බෙදන්න සල්ලි ලැබුණු විදිහත් රටටම ඇහෙන්න කියන්න හොඳේ...
ළමයෝ ඔයා හොරු අල්ලනවා කියලා කියන කොට ඔයා ළඟ රාජිත, කිරිඇල්ල ඉන්නවා... ඒ අයගෙන්ම පටන් ගන්න ළමයෝ...
හොරු අල්ලන්න නම් ඉතින් වම් අතින්, දකුණු අත අල්ලගත්තත් හරි...
ඇත්තටම මේ මනුෂ්‍යයා මොනවද මේ දවස ගානේ කියවන්නේ... හොරු අල්ලනවා නම් ඔහේ ළඟ ඉන්න හොරු ටික අල්ලනවා. ඊට පෙර කණ්නාඩිය ඉස්සරහට ගියාම සංස්කෘතික සහ නිවාස ඇමැති කාලේ පියාණෝ ගහපු පුතෙක් පේනවාද බැලුවා නම් අගෙයි.
හොරු අල්ලන්නේ කොහොමද පක්ෂය ඇතුලෙම ඉන්න සමහර දේශපාලුවෝත් හොරුනේ. නිධන් හොරුත් ඉන්නවයි කියන්නේ?
ඔයවගේ ගැලරි ටෝක්ස්වලින් බලය ගන්න බෑ... බලය අවශ්‍ය නම් හරිහමන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඔය අනුරගේ තැටියමනේ ගහන්නේ... දේශපාලන පක්ෂ තිබෙන්නේ රට හදන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න.
මේ රටේ විවිධ වර්ගවල හොරු ඉන්නවා, නිධන් හොරු, අරමුදල් හොරු, බැංකු හොරු, කෙහෙල් කැන් හොරු... ඉතින් ඕක අල්ලලා ඉවර කරන්න ලේසි වෙන්නේ නෑ. හොඳම දේ තමයි තමන් කරපු හොරකම් කියලා පොලිසියට බාරවෙන එකයි...
නිධන් හොරෙක් කියනවා අනිත් හොරු අල්ලනවාලු... මාරම විහිළුව තමයි... ආණ්ඩු බලය සහිතව නිධන් හාරපු කෙනා අප්පගේ ගම්උදාව හරහා.... ඉතුරු ටික රාජපක්ෂලා...
දේශපාලන සම්ප්‍රප්පලාප බයිලා වැල් වටාරම් බලෙන් ජන මනසට පෙවීම හෙලා දකිමි. මේ අවකාශය අක්කරෙයිපත්තුවේ පාසලක පුවතක් පෙන්වීමට යොදා ගත්තා නම මීට වඩා දහස් ගුණයක් වටී.
ඇත්තටම හොරු අල්ලන්න ඕනෙනම් ඔය 225 ම අයින් වෙන්න. වෙන කෙනෙකුට භාර දෙන්න හොරු අල්ලන වැඩේ. හොරු කොහේද හොරු අල්ලන්නේ. ඔක්කොම හොරුනේ. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු නොවන කෙනෙකුගේ ගෙදරකින් අබ ඇටයක් ගේන්න කීවොත් මේ කපේ කරන්න බැරි වැඩක්නේ.
එච්චර ලොකු මී කතුරු තිබෙනවද? බැංකු මංකොල්ල කාපු අයගෙන් ජොබ් ප්‍රොමෝෂන් දීමනා ලබපු අය ඉන්නේ ඔය පැත්තේ නේද?