(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේග රජයක් තුළ රට බංකොලොත් කල හොරුන් නීතිය හමුවට ගෙනවිත් හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

විපක්ෂයේ සිටම සමගි ජන බලවේගය ෆයිල් මිටි පෙන්නමින් කයිවාරු නොගහ අධිකරණය හමුවට ගොස් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා නම් සහිතවම රටට අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහි ඊළග පියවර ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් උපයෝගී කර ගෙන විපතට පත් වූ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වල වැඩසටහනේ 66 වැනි අදියර යටතේ කොලොන්නාව සෝමාදේවි බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.