
(නිමල කොඩිතුවක්කු)
අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි.
මේ වන විට වෙළඳපොලේ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර, ඒ සඳහා පිලියමක් ලෙස යළි කිරිපිටි නිෂ්පාදනයට පියවර ගන්නා බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කරයි.
පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය.
මෙයට අමතරව දියර කිරි නිශ්පාදනය වර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා... කටින් බතල හිටුවන අයට කට පියාගෙන ඉන්න බැරි හැටි. පන්දමාලා එන්න ඉස්සෙල්ලා ඔය ආයතනයේ නිෂ්පාදනය ඇතිවෙන්න තිබුණු විත්තිය පාරිභෝගිකයින් නම් හොඳ හැටි දන්නවා.
එතකොට මෙච්චරකල් නිෂ්පාදනය නොකර හිටියේ ඇයි...? අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන අවම පහසුකම් එක්ක දියර කිරි භාවිතය ප්‍රායෝගික නෑ. වැඩියෙන්ම ඉතා පහළ ආදායම් ලබන පවුල්වල දරුවන්ගේ කෑමවේල්වල අඩුව පුරවා ගන්නේ කිරිවලින්... කොහොමත් මේ රජය දුප්පතාව පාගලා මරන්නනේ ප්ලෑන් ගහන්නේ...!
ඒ කියන්නේ පහුගිය කාලේ කිරිපිටි හැදුවේ නැහැ. යෝගට් හැදුවා. ඒක බොරුද?
කොහොම වුණත්, කවුරු කොහොම කිව්වත්, මිල නම් අලුතෙන් වැඩිවෙන සංශෝධිත මිලම වේවි කියලයි හිතෙන්නේ...!
ඒ කියන්නේ සියලුම දෙනාගේ කිරිපිටි අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් කියන එක නේද? මරුනේ එහෙනම්.., මෙන්න ජනාධිපතිතුමනි, ඔබතුමා හොයන ජාතියේ බඩුවක්, ප්‍රශ්නය ඕක වුණොත් බස්නාහිරින් ඉර පායාවි. අන්තිමට ලබන වසරේ කෝප් එකට කැඳවන කොට ඇත්ත හෙළිවෙයි. දේශපාලන හෙංචයියලා කරන්නේ එහෙමයි.. ඔබටද ඉන් ගැලවිය නොහැක...
ජයවේවා...!!!