(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අධික ශබ්දයක් නගන සයිලන්සරයක් සවිකරගෙන අධික වේගයෙන් ධාවනය කළ බව කියන යතුරුපැදියක් හඹා ගොස් එම යතුරු පැදිය පවත්වා ගැනීමේ අරමුණින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය කිලෝමීටර් දහයක් පමණ දුර ලුහුබැඳ ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් වෙඩි ප්‍රහාර මැද්දේ යතුරු පැදිය නොනවත්වා ධාවනය කරගෙන ගිය බව කියන දහනම හැවිරිදි තරුණයා එම යතුරු පැදිය ද රැගෙන පසුව සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාර වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා ගේ එක් පාදයක වල්ලුකරට වෙඩි වැදීමෙන් තුවාලයක් සිදුවී ඇති බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
පොලිස් ස්ථානයට පැමිණ භාර වූ මෙම තරුණයා සැකපිට අත්අඩංගුවට ප්‍රතාකාර සඳහා රෝහල් ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
503
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හයියෙන් ගිය යතුරු පැදියට වෙඩි
දුමින්ද Monday, 03 June 2024 07:48 AM
දැන් සනීප ඇති කොල්ලට. පණ බේරුනා කියලා සතුටු වෙයන්. වෙඩි තියලා තියෙන්නේ පොලිසියෙන්. දන්නවනේ පොලිස් වෙඩික්කරුවන්ගේ හැටි.
Kasun Monday, 03 June 2024 07:51 AM
සල්ලි ගෙවලා පදින්න පුළුවන් තැන් හරියට දැනුවත් කරා නම් ඉවරයි.බයික් පදින්න ආස ළමයින්ට වෙන් කරපු තැන් දැනුවත් කල යුතුයි .රජයට ආදායමක් ගැනීමටත් පුළුවන් මේ වගේ තැන් ගැන දැනුවත් කරානම්
අබිලින් Monday, 03 June 2024 08:21 AM
වෙඩිල්ල වැදිල තුවාල වෙලා තියෙනවා පොලිසිය හඹාගිය යතුරු පැදිය ගෙනවිත් දීලා බාරවෙලා ඉන්නවා තවමත් සැකකරු .අනේ මේ රට කොහොම හදන්නද මන්දා
Tharika Monday, 03 June 2024 08:25 AM
හොඳම වැඩේ කාලකන්නින්ට
Lalla Monday, 03 June 2024 09:04 AM
අපේ ගමෙන් රැ මැදියමේ තරුණ කාණ්ඩයක් අධික ශබ්ද නැගෙන සයිලන්සර් දාපු මෝටර් සයිකල් රේස් පදිනව.හරිම කරදරයක්.කවුරුත් කතා කරන්න බයයි...
Lalla Monday, 03 June 2024 09:06 AM
නොමරා ඇරිය එකට උගේ මහ එවුන් පින් දෙන්න ඕන. ඒත් උන්ටත් මේකා වධයක් වෙලාද දන්නේ නෑ...
Bamunuarachchi Tuesday, 04 June 2024 12:22 AM
අබ්ලින් අපේ ගොන් මැට්ටෝ හිතාගෙන ඉන්නේ 225 වෙනස් කලාම, 113 ජෙප්පෝ පාර්ලිමේන්තුවට ආවාම මේ ඔක්කොම හරියනවා කියලා..