(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සමඟ රාජකාරි කළ නොහැකි බව එහි කොමසාරිස්වරුන් තිදෙනකු ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමතිට ලිඛිතව දැනුම් දී ඇත.
කොමසාරිස්වරුන් වන ආචාර්ය විජිත නානයක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි හා කලුපහන පියරතන හිමිගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබේ.
කොමිසමෙි සභාපතිනිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට පටහැනිව කටයුතු කරන බවත් කොමිසමේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් නොදී පෞද්ගලිකව ඇගේ අභිමතය පරිදි කටයුතු කරන බවත් මෙම කොමසාරිස්වරුන් යැවූ ලිපියේ සඳහන් වේ.
කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයන් ගන්නා තීන්දු දිගින් දිගටම නොසලකා හරිමින් සභාපතිනිය කටයුතු කිරීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ කොමිසමේ යෝජනා මාර්තු මාසයේදී අනුමත නොකිරීමට සාමාජිකයන් කටයුතු කළ බව ද ඔවුහු කියා සිටිති.
සභාපතිනිය කොමිසමේ සාමාජිකයන්ට ඇහුම්කන් නොදීම නිසා ඇයගේ කිසිදු තීන්දුවකට සිය අනුමැතිය නොදීමට ද මෙම කොමසාරිස්වරුන් තිදෙනා තීන්දු කර තිබේ.
ඇය ජිනිවා මානව හිමිකම් කොමිසමේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන් මෙලෙස හැසිරෙන බවද මොවුහු සඳහන් කරති. එම නිසා වහාම මේ ගැන අවධානය යොමු කරන ලෙස ද මෙම කොමසාරිස්වරු ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාපතිනිය ද සමඟ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත අතර ඉන් තිදෙනකු මෙලෙස සිය අත්සනින් යුතුව ලිපියක් යොමු කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හියුමන් රයිට් ප්‍රධානියාට එරෙහිව කොමසාරිස්වරු ලියයි
Deepal Nirosh Saturday, 08 April 2023 08:30 PM
ඔය මොන කොමිසමත් දැන් ඉතින් නමට විතරයි. මුළු රටටම දැන් එකම එක ඒක පුද්ගල කොමිසමයි, එකම එක සභාපතියි ඉන්නේ. සාමාජිකයො අස්වුණත් එකයි, නැතත් එකයි... මතක නොවැ ඒ කාලේ තිබුණු අල්ලස් කොමිසම...?
Sharm Sunday, 09 April 2023 01:34 AM
ආ.... එයා තමයි නිමල් සිරිපාලව පගා කතාවෙන් බේරලා ගොඩ දැම්මේ.. මතකද?
swene Sunday, 09 April 2023 07:14 AM
ඒකත් ස්වාධීනත්වයෙන් ඉවත් කරන්න හදනවද?
LGPJ Monday, 10 April 2023 06:40 AM
ඔව්, ප්‍රමාණවත් නෑ...!!!