IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හේමාස් රෝහල් සමූහයෙන් සැත්කම් සඳහා විශේෂ අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රේලියානු සුවසේවා කවුන්සලයේ ප්‍රමිතිකරණය ලබාගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදු කිරීමට අවස්ථාව උදාකරදී ඇත.

මේ අනුව විවිධ සැත්කම් සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට තම විශේෂඥ වෛද්‍යවරයාගේ මග පෙන්වීම යටතේ හේමාස් රෝහල් සමූහයට අයත් රෝහලක දී මෙම සැත්කම් සහනදායී වට්ටමක් සහිතව වඩාත් සාධාරණ, දැරිය හැකි මිලකට සිදු කර ගත හැකි බව එම රෝහල සඳහන් කරයි.

 පවතින ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ අන්තර්ජාතික මට්ටමේ සුවසේවා වෙත පිවිසීමට මහජනතාවට ඇති අවස්ථා සීමාසහිත වීම හමුවේ රටේ පුරවැසියන්ගේ සුවපත් බව සිය මූලික අරමුණ කර ගනිමින් හේමාස් රෝහල් සමූහය විසින් මෙම සුවිශේෂී පියවර ගෙන ඇත. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයකට මුහුණපාමින් සිටින අතර රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙහි වඩාත් අහිතකර බලපෑමට මුහුණ දී සිටියි. 

මේ තත්ත්වය අවබෝධ කර ගත් හේමාස් රෝහල් සමූහය සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් වෙත ප්‍රවේශවීමේ අයිතිය මෙම වැඩපිළිවෙළ මගින් තහවුරු කර ඇත. මේ අනුව හේමාස් රෝහල් සමූහයට අයත් හේමාස් වත්තල හා තලවතුගොඩ රෝහල් වෙතින් අවයව බද්ධ කිරීමේ සිට එක් දිනක් තුළ සිදු කර ගත හැකි සැත්කම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. පවතින අර්බුදකාරී තත්වය තුළ රජයේ රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයන්හි විශාල පිරිසක් රැඳී සිටින අතර ඖෂධ හා වෛද්‍ය සැපයුම්වල පවතින අඩුපාඩු හමුවේ දෛනිකව රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් විශාල සංඛ්‍යාවක් සීමා කිරීමටද සිදුව ඇත.

අදාළ ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය සහ මගපෙන්වීම මත හේමාස් රෝහල් සමූහයට පැමිණෙන රෝගීන්ට වකුගඩු බද්ධ කිරීම, විකලාංග ක්ෂේත්‍රයේ සුළු සහ අනෙකුත් ප්‍රධාන සැත්කම් ද, උරස් හා උදර කුහරය ආශ්‍රිත සුළු හා සාමාන්‍ය තත්ත්වයේ සැත්කම් ද, සුවනාරි ක්ෂේත්‍රයට අයත් වන සුළු හා සාමාන්‍ය සැත්කම් ද, උගුර කන් නාසය සැත්කම් හා මෞත්‍රලිංග ආශ්‍රිත සුළු සැත්කම් සහ සියලු‍ ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල් හි ලියාපදිංචි ව සිටින රෝගීන්ට හේමාස් රෝහල් සමූහය වෙතින් දැරිය හැකි මිලකට සිදු කර ගත හැකි වනු ඇත.

රටේ පවතින මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඉදිරියට පැමිණෙමින් හේමාස් රෝහල් සමූහය විසින් ලබාදෙන මෙම පහසුකම පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා මෙසේ පැවැසීය. ‘රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෑම ක්ෂේත්‍රයක් මෙන්ම සුවසේවා ක්ෂේත්‍රයත් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. 

මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවක් වන ඖෂධ සහ රෝහල් සේවා ක්ෂේත්‍රයද දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටියද, පුද්ගලික අංශයේ රෝහල් සමූහයක් ලෙසත් මෙරට ජනතාව වෙත අන්තර්ජාතික මට්ටමේ රෝහල් සේවාවක් වෙත ප්‍රවේශවීමට ඇති අයිතිය තහවුරු කිරීමට කැපවී කටයුතු කරන රෝහල් සමූහයක් ලෙසත් මේ අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙත ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබාදීමට අපි නොපැකිලිව ඉදිරිපත් වන අතරම හේමාස් රෝහල් සමූහය මගින් දියත් කර ඇති මෙම වැඩපිළිවෙළ මගින් රජයේ රෝහල් ක්ෂේත්‍රය වෙත ඇති කර ඇති පීඩනය සමනය කිරීමටත්. 

මෙම අර්බුදය හමුවේ බලාපොරොත්තු රහිතව දිවිගෙවූ රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දීමටත් අපට හැකිවීම හේමාස් රෝහල් සමූහයට ලැබෙන මාහැඟි ආශිර්වාදයක්.’

595



අදහස් (0)

හේමාස් රෝහල් සමූහයෙන් සැත්කම් සඳහා විශේෂ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site