(අංජුල මහික වීරරත්න)
උත්සන්න වෙමින් පවතින හමාස් - ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් කොළඹ සිටි සෙන්ටර්හි දි සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සහ ගෝලීය වශයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කළේය.
විවිධ රටවලින් සහ සංවිධානවලින් හෙලාදැකීමට ලක්වෙමින් මිලියනයකට අධික ජනතාවකට ගාසා තීරයේ දකුණු ප්‍රදේශය දක්වා ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය විසින් කළ ඉල්ලීම ද ඇතුළු මෑත කාලීන තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේවට. එහෙම වගේම වැදි බණ දේශනා කරන්න ත් හරීම දස්සයා.
කරුණාකරලා කට පියාගෙන ඉන්න.මාධ්‍ය සාකච්චා නම් දෙන්න එපා.කට පියාගෙන නොසිටියොත් වෙන්නේ අර අහසින් ගිය ඉබ්බාට වුන දෙය ලංකාවේ ප්‍රශ්න තිබෙනවා විසදන්න
එතුමාගේ දේශපාලන ක්‍රමය අනුව "ලිස්සායාමේ තියරිය" - ලෝක ත්‍රස්ථවාදය, විශේෂයෙන්ම ආගමික කිරිම ගෝලිය යුද්ධ හමුදාවක් අවශ්‍යයි! - ආගමික ත්‍රස්ථාවදින් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය කථා කරන්න යන්න එපා!
ලංකාවේ මිනිස්සු බඩගින්නේ මෝඩයා ලෝකයට අවවාද දෙනවා
මෙයාට එයාගේ පක්ෂේ එක ආසනයක්වත් පාර්ලිමේන්තුවේ රැක ගන්න බැරිවුනා ,දැන් හදනවා ලෝක ප්‍රශ්න විසඳන හැටි ලෝකෙට කියන්න