
(සනත් ගමගේ)
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පිහිටි සහකාර මැතිවරණ කාර් යාලයට අදාළ ඇපමුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
නාමයෝජනා භාර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර් යාලය අදාළ නිළධාරීන් සූදානමින් සිටින අතර පරිපාලන සංකීර්ණය හා ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාව ද යොඳවා තිබෙන බවත් නාම යෝජනා භාර ගැනීමට සියල්ල සූදානමින් සිටින බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පි සුමණසේකර මහතා කීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.