(යොහාන් භාසුර)
‘සිනොපෙක්’ සමාගම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිත බවත් ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුළ ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
‘සිනොපෙක්’ සමාගමේ මෙරට ඉන්ධන බෙදාහැරීමේ සමාගමේ සහ සිනොපෙක් පිරිපහදු සමාගමේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ කීය.
ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතුවල ප්‍රගතිය, ඉන්ධන පිරවුම්හල් බෙදාහැරීමේ නියෝජිතයන් සමග ගිවිසුම්ගත වීමේ ප්‍රගතිය, සිනොපෙක් සන්නාම කටයුතු පිළිබඳව මෙන්ම දිවයින පුරා සිදුකිරීමට නියමිත වෙළෙඳපොල කටයුතු ආරම්භය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කළ බවත් සැප්තැම්බර් මස අග වන විට දිවයින පුරා වෙළෙඳපොල මෙහෙයුම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ පක්ෂලාගේ සල්ලි සුදු කරන බිස්නස් එකක් තමයි.
සපුගස්කන්ද අධික ජනාකීර්ණ ප්‍රදේශයකි. ඒ නිසාම පිරිපහදුවක් පවත්වාගෙන යාමට නුසුදුසු පරිසරයකි. එම පිරිපහදුව ඉතා පැරණිද වේ. කරුණාකර එය ඉවත්කර හම්බන්තොට නව පිරිපහදුවෙන් තෙල් මිලට ගනිමු කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න ඔය ගමන්ම... එතකොට ඔක්කොම ප්‍රශ්නවලට උත්තර හරී.. සිපෙට්කෝ බකට් කාරයෝ ටිකත් ඉවරයි....
ඔව් ඕක පටන් ගනිල්ල. සිපෙට්කෝ එක එතකොට නැගිටින්න බැරිවෙන්නම හාන්සි වෙනව. මෙයා ගෙදර යන්නෙ ආණ්ඩුව සතු බලශක්තිය සම්පූර්ණයෙන්ම විකුනල දාලා.