
(කවීෂා ගරුසිංහ සහ සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පවසයි.
ඒ අනුව MV 'MSC Ingrid' බහාලුම් නෞකාව පෙරේදා (09) ප්‍රථම වරට ප්‍රතිඅපනයනය බහාලුම් තොගයක් සමග හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත.
එමෙන්ම මෙඩිටරේනියන් ෂිපින් සමාගමට අයත් දෙවන බහාලුම් නෞකාව වන 'MSC Sky11' නෞකාව එළඹෙන 16 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිත අතර එහිදි බහාලුම් 500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිනැව්ගත කෙරෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය කියයි.
බහාලුම් හැසිරිවීම වරාය යාන්ත්‍රණයේ අවසන් පියවර වන අතර එම සේවා ආරම්භ කිරීමත් සමග හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැවැන්තයකු ලෙස පෙරට පැමිණෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ කියයි.
එමෙන්ම බහාලුම් සේවා ආරම්භ කිරීමත් සමග නිෂ්පාදන සහ අපනයන සේවා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සෘජුව ආනයනය කිරීමට හැකිවීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රීත කර්මාන්ත කලාපයේ ආයෝජකයන්ට දිරිගැන්වීමක් ඇතිවන බව ද ඔවුන් පවසන කරුණකි.

2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට වරාය බහාලුම් ප්‍රතිනැව්ගතකිරීම අරඹයි
chandima Wednesday, 10 April 2024 09:07 PM
නියමයි, කාටද ආඩම්බර..? චීනාට නේද?
Bamunuarachchi Thursday, 11 April 2024 02:12 AM
අපට වරායෙන් වැඩ ගන්න බැරිවුණා. චීන්නු වැඩ ගන්නවා. ජෙප්පන්ට හෙන ගහන්න ඕනේ. අනුරට හෙන 14 ගහන්න ඕනේ...!