(අංජුල මහික වීරරත්න)
සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත.
මේ වන විට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාවය සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම් කරුවන් හා ඒ සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබෙන බව රජය පවසයි.
එම තත්ත්වය සැලකිලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමේ වැඩපිළිවෙල කෙටි කාලීනව ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාවය හඳුනාගෙන ඇත.
හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇති අතර එකේ කළුගල් කඩිනමින් ඉවත් කළ යුතුව පවතින බව රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වටේ ඇතිවෙන මුහුදු කාදනයට ගල් වැටි දැමීමට කළුගල් අවශ්‍ය නැද්ද ?අනුමතය්ටා ඉදිරිපත් කරපු අනුමත කරපු අයව අපනයනය කළා නම් ?
ඒ ඒ කාලවල ඇතිවෙන මුහුදු ඛාදනය නැවත ගොඩවෙනවා. අවුරුදු දස දහස් ගණනක් ඔය මුහුදු කෑම සිද්ද වුණා. ඒත් තවම රට ඒ විදිහටම තිබෙනවා...
සීගිරිය, යාපහුව, මිහින්තලය බේරාගනිමු...!