වසර 2022 නොවැම්බර් මස අවසානයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි, ‘හයුන්ඩායි ග්ලොවිස් හේ ෂින්’ RORO නෞකාව, ප්‍රතිනැව්ගත කිරීම සඳහා රථවාහන 4302 ක්, HIP හි වාහන අංගනයට ගොඩබාන ලද බවත් ඒ සමඟ, 2022 වසර අවසානයට පෙර RORO ඒකක 500,000ක් හැසිරවීමේ සන්ධිස්ථානය සනිටුහන් කිරීමට වරායට හැකි වී ඇති බවත් හම්බන්තොට වරාය සමාගම සඳහන් කරයි.
මෙම වසර තුළ, ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය සහ මැද පෙරදිග සිට, ප්‍රතිනැව්ගත කිරීම සඳහා රථවාහන රැගෙන HIP වෙත පැමිණි RORO නෞකා සංඛ්‍යාව 223කි. එම වාහන ප්‍රතිනැව්ගත කරන ලද්දේ දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, මැද පෙරදිග, චිලී රාජ්‍ය සහ ජපානය වැනි රටවලටය. දේශීයව පමණක් නොව ගෝලීය ආර්ථිකයද අභියෝගවලට මුහුණ දී ඇති සමයක වුවද තම RORO මෙහෙයුම් 2021 වසර මෙන් සියයට 4ක වර්ධනයක් ළඟා කරගැනීමට HIP සමත් විය. පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට වරාය විසින් ප්‍රතිනැව්ගත කළ ඒකක සංඛ්‍යාව 484,467 ක් වූ අතර, 2022 වසරේ ගෙවී ගිය මාස එකොළහ තුළ කලාපීය වරාය වෙත ඒකක 505,185ක් ප්‍රතිනැව්ගත කර ඇත. මෙරටට වාහන ආනයනය තහනම් වකවානුවක මෙවැනි ප්‍රතිඵලයක් ලබාගැනීම ජයග්‍රහණයක් ලෙස වරාය සලකයි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හම්බන්තොට වරායේ RORO මෙහෙයුම් ඒකක, මිලියන භාගය ඉක්මවයි
chandima Tuesday, 10 January 2023 06:40 PM
වරාය චීනගේනේ.? නේද.?