(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිවීම  හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සියල්ල නතරවී  ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

මේ ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බලවත් දුෂ්කරතාවට පත්ව සිටින බවත් ශල්‍යකර්ම කර ගැනීම සඳහා අද ඔවුනට මාතරට  ගාල්ලට  යෑමට සිදුව ඇති බවත්  ඔහු සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා නොදන්නා පිටරට ගොස් ඇති බවත් රෝහලේ ශල්‍ය කර්ම සියල්ල නතරවී ඇත්තේ මේ නිසා බවත් ඔහු කීවේය.

කරුණාකර මේ ප්‍රශ්නය ගැන අවධානය යොමුකර හම්බන්තොට රෝහලට නිර්වින්දන වෛද්‍යවරයකු වහාම  ලබාදීමට ලබාදීමට කටයුතු කරන්නැයි  තමා රජයෙන් ඉල්ලීමක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.