
(අංජුල මහික වීරරත්න)
විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සුවිසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 97 කගේ නිවාස අහිමි වී ඇති බැවින් ඔවුන් වෙත විකල්ප ඉඩම් ලබා දිය යුතුව ඇති බව රජය පවසයි.
ඒ සඳහා හම්බන්තොට සිරිබෝපුර හෙක්ටෙයාර් 10.11 ක රජයේ ඉඩමක් හඳුනාගෙන තිබේ.
එකී ඉඩම් කොටස් සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ මග පෙන්වීම යටතේ නීත්‍යානුකූල දීමනා පත්‍ර නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd