
යහපාලන ආණ්ඩුව සමයේ දී මතභේදයට තුඩු දුන් හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඇමෙරිකානු ඩොලර් බිලියන 3.85ක ආසන්න වශයෙන් (රුපියල් බිලියන 700ක්) වටිනාකමකින් යුතු එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනය කෙරුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී ය. ඕමානයේ ඛනිජ තෙල් අමාත්‍යාංශයට එම ව්‍යාපෘතියෙන් 30% ක කොටස් අයිතිය හිමිවන බවද ප්‍රකාශ විය.
ඕමානයට එම ව්‍යාපෘතියේ කොටස් හිමි නොවන බවත් සිංගප්පූරුවේ ලියාපදිංචි සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල්’ නමැති සමාගමකට අදාළ ව්‍යාපෘතියේ කොටස් හිමි බවත් පසුව වාර්තා විය.
‘සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල්’ සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනාගෙන් තිදෙනකු ඉන්දියාවේ ඩී.එම්.කේ. පක්ෂයේ මතභේදාත්මක දේශපාලනඥයකු වන එස්. ජගත්‍රාක්ෂකාන්ගේ පුතා, දියණිය සහ බිරිඳ බවට ද තොරතුරු වාර්තා වී තිබිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර සිය ගණනක ඉඩම් වෙන් කළ අතර තවමත් පරිසර බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර නැත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා තවමත් කිසිදු ආයෝජනයක් ලැබී නැතැයි ද වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයෙන් තොරතුරු විමසීමක් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව පවසමින් ආයෝජන මණ්ඩලය තොරතුරු ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය.
සන්ඩේ ටයිම්ස්
(055)
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන සීඅයිඩියෙන් විමර්ශනයක්
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 26 July 2020 11:59 PM
අපේ රටේ වැඩක් අපට කර ගන්නට බැරි තත්වයක් උදා කොට සිටින දේශපාලනඥයන් බොහොම කැමති දෙයක් තමයි පිටරට කම්පැනියක ට ඒවා දීලා සැනසෙන එක. මෙයට හේතුව හැටියට අප හට සිටීමට හැකි වන්නේ, මේ ව්‍යාපාර පැවරීම තුළ තිබෙන කොමිස් කුට්ටි මුදල් වලට ඇති කෑදරකම බවයි. මේ රටේ තේ ඇතුළු අපනයන බෝග වලින් වැඩි ලාභයක් ගන්නේ ඇතැම් සමාගම්. මේ ව්‍යාපාර කොට එයින් අමතර ලාභයක් මහා භාණ්ඩාගාරයට ගන්නේ නම්, එය රටේ දියුණුවට හේතුවේ. එහෙත් මේ රටේ බොහෝ දේශපාලනඥයන් හිතන්නේ තමන්ගේ බඩගෝස්තරය මිසක් රට ගැන නොවේ.