IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිමිනමකගේ ගෙළ කපා අපවත් කරලා

(පුෂ්පකුමාර ජයරත්න)

පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමි (64) ඊයේ (29)රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසයි.

සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී ඝාතනය කර ඇති බවද කියයි.

මෙම හිමියන් ශ්‍රි ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ. ඝාතනයට ලක්වූ හිමිනම විවාහකයකු වන අතර ඔහුගේ මීට බිරිද වසර 25 කට පමණ පෙර මොහු හැරදමා ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මිය ගිය දිනද රාත්‍රි කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා යුවලට නිවසින් පිටව යන ලෙසට පවසා හිමියන් විහාරස්ථානයේ සිට තම නිවසට පැමින ඇති බවත් පොලීසිය කියයි.

එදින රාත්‍රියේ හිමිනමගේ ගෙල පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවද හිමිනම සමඟ සිටි පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධ බවටද පොලීසිය සැක කරයි.

 



අදහස් (2)

හිමිනමකගේ ගෙළ කපා අපවත් කරලා

ලුම්බිණි Sunday, 01 October 2023 10:00 AM

පෙන්ෂන් අරන් මහණ වුණාමත් ප්‍රශ්න...!

:       2       1

Bunny Preena Monday, 02 October 2023 11:49 AM

සැකය මුලින්ම එල්ල වන්නේ නිවස රැකබලාගත් යුවල දෙසටයි. එහෙම නැතිනම් හොරෙකුගේ හෝ තරහ කාරයෙකුගේ වැඩක්... පොලිසිය සොයාගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site