IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හමුදාවට ගියත් ආරේ ගුණ නෑරේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාදම්පේ රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වු යුද හමුදා ලාන්ස කෝප්‍රල්වරයකු වතු මුරකරුවන් හා පාලනාධිකාරිය එක්වි අද (18) මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි.

මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ මාදම්පේ පනිරේන්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියයි.

පොල් සොරකමේ නිරතව සිටි ලාන්ස් කෝප්‍රල්වරයා වතු පාලනාධිකාරිය විසින් අත් අඩංගුවට ගන්නා අවස්ථවේදී සොරකම් කර රැගෙන යාමට එකතු කර තිබු පොල් ගෙඩි 182ක් සන්තකයෙ තබා ගෙන සිට ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

රත්මල්ගාර රජයෙ පොල් වතු යායෙ නිරන්තරයෙන් පොල් සොරකම් සිදුවන බවත් එම සොරුන් අත් අඩංගුවට ගැනිමට පාලනාධිකාරිය හා මුරකරුවන් විසින් නිරන්තර සෝදිසියෙන් සිටින බවද කියයි.

 



අදහස් (4)

හමුදාවට ගියත් ආරේ ගුණ නෑරේ

Bunny Preena Friday, 18 August 2023 10:13 AM

සමහර පුද්ගලයින් හමුදා වලට බැදෙන්නෙම වෙනත් කුහක සහ කූට අරමුනු ඉශ්ට කරන්ට උවමනා නිසයි. ගෙඩියක් ඔබල බලනවා වගේ මිනිසුන්ගෙ දුශ්ට ගති ගුන හොයල බලන්නත් අමාරුයි. අහු උනාට පස්සෙ තමයි නියම ස්වභාවය හෙලි වෙන්නෙ. හමුදා වල කීර් ති නාමයට හානි වන ලෙස කටයුතු කල අයගෙ ප්‍රජා අයිතියත් යම් කාලෙකට අහෝසි වෙන විදියට නීතියක් ගෙන ආවොත් මෙවැනි දෙවල් සාමාන්‍ය දූරකට වලක්වා ගත හැකි බවයි මගෙ අදහස.

:       3       9

සචින්තFriday, 18 August 2023 05:21 PM

යුද්ධය පැවැති කාලයේ අවශ්‍යතාව අනුව බඳවා ගත්තාට නැවතත් අතීතයේ වගේ රහසිගතව වාර්තා කැඳවා බඳවා ගතහොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම අනෙක් ආයතන සඳහාත් කළොත් රටේ දූෂණ, වංචා, හොරකම් නැතුව යාවි... නිලධාරීන් අතරත් කාර්‍යක්ෂමතාව ඇතිවේවි...

:       0       4

සුජිත් පල්ලේවත්ත Friday, 18 August 2023 12:44 PM

නිලඇඳුම පැළඳගෙනද සොරකම කරලා තියෙන්නේ? එසේ නැතිනම් මේක නිගාවක් හැටියටයි මා දකින්නේ.

:       1       1

Perera Friday, 18 August 2023 04:49 PM

ඕක මොකක්ද? මහබැංකු අධිපති, අගමැති එක්ක හවුලේ මහබැංකුව හොරාකාපු රටනේ මේක...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site